• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව ඡන්දෙට ලෑස්ති වෙනවා – විපක්ෂනායක සජිත්

30 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් ආණ්ඩුව ඊළඟ මැතිවරණය වෙනුවෙන් වැඩ කිරීම ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අවුල් වූ ආණ්ඩුවක් බවත් ඔවුන්ට හරියට වැඩක් කරන්න තේරෙන්නේ නැති බව හෙතෙම පැවසිය.

අස්වැසුම වැඩසටහනට වුවත් හරි වැඩපිළිවෙළක් ඔවුන්ට නොමැති වුවත් ඔවුන් මේ වන විට ඊළඟ මැතිවරණය වෙනුවෙන් වැඩ කිරීම ආරම්භ කර ඇති බවත් මේ හැමදෙයක්ම දේශපාලන සූදුවක් නිසා එය නතර විය යුතු බවත් මේ බොරුව වංචාව හොර ගණුදෙනු ආදිය වහා නතර විය යුතු බවත් එසේ නොමැතිව බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (30) විපක්ෂ නායක කාර්යාලයේ දී අස්වැසුම වැඩසටහන නිසා අපහසුතාවට පත් ග්‍රාමනිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවකදී ය.

කොරෝනා තත්ත්වයෙන් සහ බංකොලොත් භාවයෙන් පසු බලයට පත් වූ ජනාධිපතිවරයාට මුලින්ම සිදුකළ යුතුව තිබුණේ නිවැරදි සංගණනයක් සිදු කර දරිද්‍රතා රේඛාව නිවැරදිව හදුනාගෙන ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයන් නිවැරදිව හදුනා ගැනීම වුවත් අස්වැසුම වැඩසටහන පටන් ගත්තේ එවැනි විධිමත් සමික්ෂණයකින් නොවන බවත් එම වැඩසටහන කරගෙන යන අතරතුර සමීක්ෂණයක් සිදු කිරීමට රජය පටන් ගෙන ඇති බවත් හෙතෙම කියා සිටියේය.

එසේ ම තමා ජනාධිපති වූවා නම් සිදු කරන්නේ මුලින්ම විධිමත් ජන සමීක්ෂණයක් සිදු කිරීම බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ යුතු ජන සංගණනය ලර්න් ඒෂියා ආයතනය සිදු කිරීමේ දී මෙරට දුප්පතුන් ලක්ෂ 30 සිට 70 දක්වා වැඩි වී ඇති බවත් මෙවැනි සමීක්ෂණ සිදු කළ යුතු ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවත් නිද්‍රා ශිලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විපක්ෂනායකවරයා පැවසීය.

තවද බෙහෙත් නොමැති වීම රෝහල්වල බෙහෙත් නිසා ජනතාව මිය යාම වෛද්‍යවරු රට හැර යාම සෞඛ්‍ය ඇමතිවරයා විසින් අමානුෂීය කතා කීම වැනි බරපතල ගැටලු රැසක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති බවත් මේ තත්ත්වය අනුව පෙනී යන්නේ මේ ආණ්ඩුවට කිසිම ලැජ්ඡාවක් නොමැතිකම බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ අස්වැසුම වැඩසටහන පවා ආරම්භයේ සිටම වැරදි බව යි.

එමෙන්ම මේ වන විට රටේ ඇති සමාජ ආරක්ෂණ වැඩසටහන් සියල්ල අවුල් වී ඇති බවත් ජන සවිය ක්‍රියාත්මක වන අවධියේ පවා එය හරියට සිදු කළ නමුත් මේ වන විට සිදුවන්නේ රටේ මුදල් නාස්ති කිරීමක් බවත් ඒ සම්බන්ධයෙන් තමා පුදුම නොවන බවත් රටත් අච්චාරුවක් කරන මේ විකෘති රජය අස්වැන්න වැඩසටහන පවා අච්චාරුවක් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද රට බංකොලොත් කළ පුද්ගලයන්ම රට හදනවා යැයි කීම විහිළුවක් බවත් ඔවුන් හදන රටක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අස්වැසුම වැඩසටහන අස්වැසිල්ලක් විය යුතු වුවත් එහි ඇත්තතෙන්ම සිදුවන්නේ ඇස්බැන්දුවක් බවත් මේ ඇස් බැන්දුම් වැඩ ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති ප්‍රමුඛ ඇමති මණ්ඩලය බවත් ය.

එමෙන් ම සුනාමිය, කොවිඩ්, පාස්කු ප්‍රහාරය සිදු වූ කාලයේ ග්‍රාමනිලධාරීන් බිම් මට්ටමේ විශිෂ්ඨ සේවයක් ඉටු කළ බවත් එය අවිවාදයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

Post Views: 3
Previous Post

තඹුත්තේගම ගැමුණුපුරදී සද්ධන්ත වන අලියෙක් ජීවිතක්ෂයට

Next Post

අග්බෝ හස්තියාට විශේෂ ප්‍රතිකාර කටයුතු තවදුරටත්

editor

editor

Next Post
අග්බෝ හස්තියාට විශේෂ ප්‍රතිකාර කටයුතු තවදුරටත්

අග්බෝ හස්තියාට විශේෂ ප්‍රතිකාර කටයුතු තවදුරටත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

25 July 2025
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

25 July 2025
සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

25 July 2025
රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

25 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

25 July 2025
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

25 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved