• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුවේ ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන තවත් සන්ධිස්ථානයක් පසුකරයි

13 October 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන මේ වනවිට වසර 5 ක කාලයක් පුරා සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.

මෙහි 2022 අදියරේ සහතිකපත් ප්‍රදානය පසුගියදා පැවති අතර, එහිදී සිසු සිසුවියෝ 81 දෙනෙක් සහතිකපත් හිමිකරගත්හ. DFCC බැංකුව වෙනුවෙන් ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහනේ අධ්‍යාපන කටයුතු මෙහෙයවනු ලබන්නේ Gateway Educational Services (පුද්.) සමාගම මගිනි.

මෙම වැඩසටහන, අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් කළ, අවුරුදු 18 ත් 25 ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන් තුළ තම අනාගතය පිළිබඳ බලාපොරොත්තු දල්වන සුවිශේෂි අධ්‍යාපන වැඩසටහනකි. එම තරුණ තරුණියන්ට තරගකාරී රැකියා වෙළඳපොළට අවශ්‍ය වන භාෂා කුසලතා වර්ධනය කරගැනීමට මෙම වැඩසටහන මගින් මහඟු කාර්යභාරයක් ඉටු වේ. දැනටමත් DFCC බැංකුව මෙම පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරන තරුණ තරුණියන්ට සීමාවාසික පුහුණු අවස්ථා සහ රැකියා අවස්ථා පිරිනමන අතර, ඉදිරියේදී රැකියාවෙහි යෙදෙමින් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමටද සැලසුම් කර තිබේ.

තවද, මෙම වැඩසටහන, අභියෝගවලට ඔරොත්තු දියහැකි/ සාර්ථකව මුහුණ දිය හැකි ප්‍රජාවන් නිර්මාණය කිරීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයට සමගාමීව ක්‍රියාත්මක වන තවත් එක් අංගයකි. එය DFCC බැංකුවේ දීර්ඝකාලීන තිරසාරත්ව දැක්ම වන ‘6Es’ සංකල්පයේ කොටසක් වන Education හෙවත් අධ්‍යාපනය යන අංශය යටතේ ක්‍රියාත්මක වේ. එමෙන්ම එය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 17 වන ඉලක්කය වන, ඉලක්ක ජයගැනීම සඳහා හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීම සමග සමපාතව ක්‍රියාත්මක වන්නෙකි.

මේ දක්වා ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අම්පාර, රත්නපුර, පොළොන්නරුව, යාපනය, බදුල්ල, අනුරාධපුර, වවුනියාව, ත්‍රිකුණාමලය, නුවර එළිය සහ හම්බන්තොට ඇතුළු ප්‍රදේශ රැසක තරුණ තරුණියන් 800 කට අධික පිරිසකට මෙම වැඩසටහන මගින් සෙත සැලසී තිබේ. වැඩසටහන තුළ ඉහළම දක්ෂතා පෙන්නුම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට DFCC බැංකුවේ සීමාවාසික පුහුණු අවස්ථාද හිමි විය.

“තරුණ තරුණියන් තුළ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩිදියුණු කිරීම මගින් ඔවුන්ට මංපෙත් රාශියක් උදාවෙනවා. ඉංග්‍රීසි භාෂා දැනුම තිබීම මගින් ඔවුන්ට වඩාත් පහසුවෙන් රැකියා සොයාගැනීමට හැකි වන අතර, අන්තර්ජාලය ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ අසීමිතව දැනුම සහ තොරතුරු සපයා ගැනීමටත් ඔවුන්ට හැකියාව ලැබෙනවා. මෙය ගෝලීය පුරවැසියෙකු වශයෙන් තම නිම්වළලු පුළුල් කරගනිමින්, මෙරට තුළ මෙන්ම විදේශ රටවල පවතින අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ලැබෙන අගනා අවස්ථාවක්.” DFCC බැංකුවේ උප සභාපතිනි සහ අලෙවිකරණ හා තිරසාර සංවර්ධන අංශ ප්‍රධානී නිල්මිණි ගුණරත්න මහත්මිය පැවසුවා ය.

‘සැමට ඉංග්‍රීසි’ අධ්‍යාපන වැඩසටහන තරගකාරී ලෝකයක් තුළ සාර්ථක වීමට තරුණ පරපුරට අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදෙමින්, තිරසාර සංවර්ධනයක් ඔස්සේ රටට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයට මනා උදාහරණයකි.

මාස 3 ක කාලයක් ක්‍රියාත්මක වන මෙම පාඨමාලාව මගින් සන්නිවේදන කුසලතා, ව්‍යාකරණ, සවන්දීම, කියවීම සහ ලිවීම වැනි අත්‍යවශ්‍ය අංග ආවරණය කෙරෙන අතර, ප්‍රායෝගික ඉගෙනුම සඳහා එහිදී ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනුම් ක්‍රමවේදයක් අනුගමනය කෙරේ. එමෙන්ම එහිදී මාසයක කාලයක් තුළ සාමූහිකව කටයුතු කිරීම, කාල කළමනාකරණය, ඉදිරිපත් කිරීම් සිදුකිරීම සහ සම්මුඛ සාකච්ඡාවලට මුහුණ දීම වැනි අමතර කුසලතා වැඩිදියුණු කිරීමද සිදුකරනු ලබයි. ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන ඔස්සේ සාම්ප්‍රදායික බාධා බිඳදමමින්, තරුණ පරපුරට අධ්‍යාපනය ඔස්සේ අනාගත රැකියා අවස්ථා උදාකර දෙමින්, රටේ සංවර්ධනයට තිරසාර දායකත්වයක් දැක්වීම DFCC බැංකුවේ අරමුණ වී ඇත.

පිටපත – PR

Post Views: 13
Previous Post

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ සැබෑ තත්ත්වය හෙළිකිරීමේ විශේෂ වාර්තාවක් ජනපතිට දෙනවා- මන්ත්‍රී සරත්

Next Post

රනින් ලක් මව සැරසූ තරුෂිට මුතු මැණික් ලගා කරගන්නා හැටි පළාත් ආණ්ඩුකාරවරයා කියා දෙයි

editor

editor

Next Post

රනින් ලක් මව සැරසූ තරුෂිට මුතු මැණික් ලගා කරගන්නා හැටි පළාත් ආණ්ඩුකාරවරයා කියා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

ඔබ බදු ගෙවන්න… අපි හැම රුපියලක්ම ආරක්ෂා කරනවා ජනපති කියයි

2 June 2025
බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

බස් ගාස්තු සංශෝධනය ගැන තීරණයක්

2 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි දිවයිනට !

අනුදි දිවයිනට !

2 June 2025
කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

කොළඹ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තිරණය

2 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved