27 April 2024
#Uncategorised

රනින් ලක් මව සැරසූ තරුෂිට මුතු මැණික් ලගා කරගන්නා හැටි පළාත් ආණ්ඩුකාරවරයා කියා දෙයි

ඉකුත් දා පැවති 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර 800 තරගයෙන් රන් පදක්කමට හිමිකම් කියමින්ද 400×4 තරගයෙන් ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට දායකවෙමින් ද ජාත්‍යන්තරය ජය ගත් මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව ඇගයීම් උත්සවයක් පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතන පරිශ්‍රයේදී (12) පැවැත්විය.

ආදි වළල ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර තිබු මෙම වැඩසටහනේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ තරුෂි කරුණාරත්න නම් වූ පාසල් ක්‍රීඩිකාව 2022 වර්ෂයේ ජුලි මාසයේදී කොලොම්බියාවේදී පැවති ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියට සහභාගී වීම සඳහා තේරී පත් වු අවස්ථාවේදී තමා මුලින් ම දුටු බවත්, එම අවස්ථාවේදී අවශ්‍යව තිබූ උපකරණ සහ මූල්‍ය ආධාර ලබාදෙමින් ඇයව දිරිගැන්වීමට හැකියාව සැලසි බවත් , තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව ඇතුලු කණ්ඩායම එම තරගාවලිය සදහා දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේදී අපහසුතාවයට ලක් ව සිටියදී ද තමා පෞද්ගලිකවම ක්‍රීඩා අමාත්‍යවරයා සම්බන්ධකරගනිමින් එම ගැටලුව විසදීමට කටයුතු කළ බවත්, අනතුරුව ආසියානු ශූරතා තරඟාවලිය ජයග්‍රහණය කරමින් පළාතට කීර්තියක් රැගෙන ආ අවස්ථාවේදී , මහනුවර නගරය මැදින් උත්කර්ෂවත් අයුරින් සිසුන් සිය ගණනක් මැදින් ඇයව පිළිගෙන මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී ඇයට පමණක් නොව ඇයගේ පුහුණුකරුට ද උපහාර පුද කර ඔවුන්ගේ කැපවීම අගය කිරීමට කටයුතු කළ බවත්, එවන් ආකාරයට දිරිගැන්වූ ඇය අද ලක්මාතාවට කීර්තියක් අත්කරදීම සම්බන්ධයෙන් තමා සතුටට පත් වන බවත් ය. ක්‍රීඩාව අතින් ඇය දිගු දුරක් පැමිණියා සේම තවත් ජයග්‍රාහණ රැසක් සදහා තමා සුභාශිංසන එක් කර සිටින බවත්, රනින් ලක් මව සැරසූවා මෙන්ම මුතු මැණික් වලින් තම දිවිය අලංකාරවත් කරගැනීමට නම් ලබන වසරේ ඇය මුහුණ දීමට සිටින උසස් පෙල විභාගය සදහා ද තරගාවලිය සදහා සූදානම් වු ආකාරයටම පුහුණූවීම් කර සූදානම් වන ලෙසත්, සරසවි වරම් දිනාගන්නා ලෙසත් ආණ්ඩුකාරවරයා මෙහිදී රන් පදක්කම්ලාභිනියට උපදෙස් ලබා දී සිටියේය.

මෙම අවස්ථාව සදහා උතුරු මැද පළාත් හිටපු ආණ්ඩුකාරවර සරත් ඒකනායක, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල , පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, කැන්ඩි සිටි සෙන්ටර් ආයනනයේ කළමනාකරු මාධව ජයසිංහ, ක්‍රීඩා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුයන මහත්ම මහත්මීන් ද ආදි වළල ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ද වළල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ සිසු සිසුවියන් ද එක් විය.

මාතලේ – මහේෂ්

Leave a comment

Your email address will not be published. Required fields are marked *