කැරළිවලට මුහුණදී පලපුරුද්දක් ඇති, එවැනි දේ පිළිබඳව බහුල අත්දැකීමක් තිබෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත්කිරීමෙන් මේ රටේ ප්රජාතන්ත්රවාදය රැකගැනීමට අපට අවස්ථාව ලැබුණු බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (30) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ වැඩිම කැපකිරීම් කරපු දේශපාලන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ. අපි 69 ලක්ෂයක ජනවරමක් එක්ක ජනාධිපතිවරයෙක් බිහි කෙරුවා. ඒ වගේම අපි 2/3 ක පාර්ලිමේන්තු බලය මේ රටේ ජනතාව අපිට ලබාදුන්නා. ඒ බලය ලබාගැනීමත් සමඟම අපි සහ මුළු ලෝකයටම මුහුණදෙන්න සිදුවුණේ කවුරුත් බලාපොරොත්තු නොවු අර්බුදයකටයි. කොවිඩ් අර්බුදය මුළු ලෝකයම වෙලා ගනිද්දි අපිට සිදුවුණා මේ රට දිගින් දිගටම වහලා තියන්න. මේ රට වැහුව්වේ අපි කැමැත්තෙන් නොවේ. මේ රටේ විවිධ පිරිස් දිගින් දිගටම මේ රට වහලා දාන්න කියලා ඉල්ලුවා. හැබැයි අපි රජයක් විදිහට මේ රටේ ජනතාවගේ ජිවිත බේරගන්න මේ රට වසර දෙකකට ආසන්න කාලයක් රට වහලා අපේ ජනතාවට කන්න බොන්න දිලා මේ රටේ ජනතාව නොමිලේ එන්නත් කරලා ඔවුන්ගේ ජිවිත බේරගන්න කටයුතු කළා. පහුගිය කාලයේ මේ රටේ විධායක ජනාධිපතිවරුන් ඔවුන්ට විරුද්ධව මහජනතාව නැගිසිටියාම ඒ මහජනතාව මැඩලන්න විවිධ අයුරින් කටයුතු කළා. නමුත් අපි කියන්න ආඩම්බරයි අපේ හිටපු ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් එතුමා මේ රටේ කිසිම තරුණ ජිවිතයක් නැති කරන්නේ නැතිව එතුමා ජනාධිපතිධූරය අතහැරියා. ඒ වගේ කැපකිරීමක් ලංකා ඉතිහාසයේ කිසිම දේශපාලන පක්ෂයක් කරලා නැහැ. ඒ විතරක් නොවේ ජනාධිපතිවරයා තෝරන අවස්ථාවේදී මේ රටේ විවිධ පක්ෂවලින් අදහස් උදහස් ඉදිරිපත් වෙද්දි අපි ඒ අවස්ථාවේ බැලුවේ මේ රටේ නැතිවී තිබෙන නීතියේ අධිපාත්‍ය නැවත ස්ථාපනය කළ හැක්කේ කාටද කියන කාරණයයි. ඒ අවස්ථාවේ අපි පක්ෂයක් හැටියට තීරණය කළා මෙවැනි කැරළිවලට මුහුණදිලා පලපුරුද්දක් තිබෙන, මෙවැනි දේ පිළිබඳව බහුල අත්දැකීමක් තිබෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා බවට පත්කිරීමෙන් මේ රටේ ප්රජාතන්ත්රවාදය රැකගන්න අපිට අවස්ථාව ලැබෙයි කියලා. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය උත්සහ කළේ ඔවුන්ට කවදාවත් මහජන ඡන්දයකින් ලබාගන්න බැරි බලය මේ රටේ ලේ වැගිරීමකින්, ත්‍රස්තවාදයකින් ලබාගන්න. එයට විරුද්ධව අපි පක්ෂයක් හැටියට ලොකු කැපකිරීමක් කරලා ඒ අවස්ථාවේදී ඒ දේ සිදුකළ හැකි නායකයා හැටියට අපි මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කළා. එයත් අපි ගත්ත නිවැරදි තීන්දූවක් සහ මහා විශාල කැපකිරීමක්. අපි කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ අවස්ථාවේදී අපේ පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු නොකළ බොහෝ දෙනෙක්ට කැබිනට් අමාත්‍යධුර ලබාදීමේදී අපි ඒ සම්බන්ධයෙනුත් විරෝධය පල කළේ නැහැ. අපි විශ්වාස කළා මේ රට වෙනුවෙන්, මේ රටේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන්, ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් අපි පක්ෂයක් විදිහට ඒ කැපකිරීම කළා. මේ රටේ ඉතිහාසසය තුළ වැඩිම කැපවීමක් කළ දේශපාලන පක්ෂයක් හැටියට අපේ පක්ෂය ඉතිහාසගතවෙලා ඉවරයි. ඔය කවුරු මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිතුමා හැටියට එතුමා දන්නවා එතුමා 49 වසරක් තිස්සේ මේ රටේ ජනාධිපතිධූරය දරාගන්න බොහෝ උත්සහ දැරුවත් එතුමාට ඒ ජනාධිපතිධූරය ලබාගන්න ඒ අවශ්‍ය පසුබිම සකස් කරගන්න ශක්තිය ලබාදුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එතුමා ඒ පිළිබඳව දැනුවත් කියන කාරණය සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා. අපි එක් එක් පුද්ගලයින් කියන කාරණාවලට උත්තර දෙන්න යන්නේ නැහැ. අපේ කාරණය අපි ජනාධිපතිතුමා සමඟ විසදගන්නම්. අපේ පක්ෂයේ 07 වෙනි සංවත්සරය සමරනවා නොවැම්බර් 03 දා පිරිත් දේශනයක් පවත්වලා. ලංකාවේ මෙතෙක් මුහුණදුන් හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කළ එකම පක්ෂය හැටියට තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ වගේම ඉදිරියටත් එසේ සිදුවෙනවා. නිදහසින් පසු මේ රටේ සියලු ජාත්‍යන්තර සහ දේශීය දර්ශක ඉහළ නංවමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය බිහිකළේ අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාගේ මහින්ද චින්තනය කියන දර්ශනය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව තබලා තිබෙන විශ්වාසය කෙරෙහි අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම අදටත් අපි පක්ෂයක් හැටියට ඈත ගම්වල අපේ දේශපාලන කටයුතු කරද්දි සමාජ මාධ්‍යවල කුමණ කාරණා කිව්වත් ගමේ ජනතාව අපිට ඒ දෙන සහයෝගය, අපේ පක්ෂයට ලබාදෙන ශක්තිය අපි දැඩිව විශ්වාස කරනවා. ඊළඟට පවත්වන ඕනෑම මැතිවරණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත හැකියි. ඒ නිසා අපිට මොන තර්ජන තිබුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ඡන්දවලට බය නැහැ. අපි හැමදාම මේ රටේ වැඩිපුර මැතිවරණ පැවැත්තුවා කියන චෝදනාවලට ලක්වුවා මිසක් කවදාවත් මැතිවරණ කල්දැමුවා හෝ මැතිවරණවලට බයේ පැනගියා කියලා චෝදනා ලබපු පක්ෂයක් නොවේ. අපි අදටත් ඉතාම ආඩම්බරයෙන් කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ පක්ෂයක් විදිහට ඉතාම ශක්තිමව තිබෙනවා. ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට කිසිම පැකලීමක් නැතිව සූදානමින් ඉන්නවා කියලා මේ රටේ ජනතාවෙට විශ්වාසයෙන් කියනවා. ”යනුවෙන් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.