මිණිපේ ප්‍රදේශයේ පාසල් වෙත පලතුරු පැල බෙදාදීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හසලක, රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලයේදී (7) පැවැත්විය.
ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රහය සහිතව මිණිපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම පාසල් වෙත පලතුරු පැල පනහ බැගින් බෙදා දීම මෙහිදී සිදු වු අතර, මෙහිදී අදහස දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ පරිසරය රකින්න හේතු හැදුවේ පරිසරය විනාශ කළ වැඩිහිටියෝ බවයි.
පරිසරය රැකීම මත සියලු දේ තීරණය වන බවත්, හෙට දවස වෙනුවෙන් පරිසරය සුරක්ෂිත කිරීම සෑම පුද්ගලයෙකුගේම පැහැර හැරිය නොහැකි වගකීමක් බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.
මෙයට සමගාමීව ප්‍රදේශවාසීන්ගේ හා පාසල් සිසු ප්‍රජාවගේ සහභාගිත්වයෙන් දුනුමඩලාව වැව් තාවුල්ලේ රුක්රෝපණ වැඩසටහනක්ද ‘හුස්ම හිටවමු’ මැයෙන් සංවිධානය කොට තිබිණි. මෙහිදී දුනුමඩලාව වැවේ ජලය එක්රැස් නොවීම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කොට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පියවර ගන්නා ලෙස ද පළාත් ආණ්ඩුකාරවරයා විසින් බලධාරීන්හට උපදෙස් ලබා දෙන ලදී.
මේ අවස්ථා සඳහා මිනිපේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් අබේසිංහ මහතාද, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතාද, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය හා මහනුවර සහකාර පළාත් පාලන කොමසාරිස් නිලූකා බුලත්ගේ මහත්මියද, මිනිපේ ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් මහවත්ත මහතාද, විදුහල්පති සුභරත්න විදානගේ මහතාද, ටෝකියෝ සිමෙන්ති සමාගමේ මෙහෙයුම් කළමනාකරු සාලින්ද කටුපොල මහතාද, ගුරු භවතුන් හා සිසුන් පිරිසක්ද එක්ව සිටියහ.
මාතලේ – මහේෂ්