• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ප්‍රමුඛතාව දුන්නොත් දරුවන්ගේ ප්‍රමුඛතා මඟහැරෙනවා – ඇමැති සුසිල්

4 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම් වෙනුවෙන් ප්‍රමුඛතාව දෙන්නේ නම් පවත්නා ආර්ථික වාතාවරණය හමුවේ දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා ඉටුකිරීමට අසීරු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ, මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ අද (04) පැවති පාසල් පාවහන් තිළිණපත් බෙදාදීමේ නිල උත්සවය‍ට එක්වෙමිනි.

එළඹෙන පෙබරවාරි මස 19 වන දින 2024 නව පාසල් වාරය ආරම්භ කෙරෙන බවත් ඊට පෙර සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ තෝරාගත් පාසල් මෙන්ම පිරිවෙන් සිසුන් වෙත පාවහන් ලබාදී අවසන් කරන බවත් අමාත්‍යවරයා පැවසිය.

එමෙන්ම මෙම දෙසැම්බර් මස 22 වන දින පාසල් නිවාඩුව ලබාදුන් පසු නැවත පෙබරවාරි මස 02වන දින සියලු‍ පාසල් ඇරඹෙන අතර මෙරට සිසුදරුවන්ගේ පාසල් පැමිණීම අඛණ්ඩව හා සක්‍රීයව පවත්වා ගෙනයාම වෙනුවෙන් ආර්ථික අභියෝග රැසක් මධ්‍යයේ වුව ද රජය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානය දෙමින් කටයුතු කරන බව හෙතෙම පැවසීය.

දිවයිනේ දුෂ්කර, අතිදුෂ්කර සහ හුදකලා ප්‍රදේශවල පිහිටි පාසල් සහ තෝරාගත් පිරිවෙන්වල භික්ෂුන් වහන්සේලා, සිල් මාතාවන් සහ සිසු දරුදැරියන් 747,093ක් වෙනුවෙන් මෙවර පාවහන් තිළිණපත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 2,200කි. මෙවර පාසල් පාවහන් තිළිණ පතක වටිනාකම රුපියල් 3000 කි. තිළිණපත් සඳහා පාවහන් අලෙවිකිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලත් වෙළඳසැල් වෙතින් සිසුන්ට පාවහන් ලබාගැනීමට අවස්ථාව සලසා තිබේ. මේ සම්බන්ධව දෙමව්පියන් සහ සිසුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් අදාළ උපදෙස් පළාත්, කලාප හා කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර ඇති අතර, මීට අදාළ චක්‍රලේඛයක් ද පාසල් වෙත නිකුත් කර ඇත.

එළඹෙන වසරේ දී පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීමට තමා අපේක්ෂා කරන බව ද සඳහන් කළ අමාත්‍යවරයා, අපේ රට පමණක් නොව ලොව බොහෝ රටවල් අභියෝග රැසකට මුහුණ දී සිටින මෙවන් සමයක රජයක් වශයෙන් ප්‍රමුඛතා හඳුනාගනිමින් කටයුතු කරන්නට සිදුව ඇති බව ද අවධාරණය කළේය.

මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් එම් එන් රණසිංහ මහතා, බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඒ ජී නිමල් ජයවීර මහතා, මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්.පී ආර් රාජරත්න මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

Post Views: 2
Previous Post

මාතලේ ළමා සංවර්ධනයට රුපියල් ලක්ෂ 50ක් වෙන් කෙරේ

Next Post

තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය නොකර ලංකාවට දිනන්න බෑ – මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

editor

editor

Next Post

තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය නොකර ලංකාවට දිනන්න බෑ - මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
සේවකයන් අසරණ කරමින් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමලා

සේවකයන් අසරණ කරමින් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වසා දමලා

21 May 2025
ලංකා විදුලිබල මණ්ඩලය ගැන විශේෂ නිවේදනයක්

ලංකා විදුලිබල මණ්ඩලය ගැන විශේෂ නිවේදනයක්

21 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved