27 April 2024
#දේශීය

තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය නොකර ලංකාවට දිනන්න බෑ – මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තරය සමඟ තරඟකළ හැකි කාර්යක්ෂමතාව තිබෙන තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවත් එසේ නොකර ලංකාවට දිනන්න නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (04) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට සහ නිෂ්පාදන ආර්ථිකය හරහා ලෝක වෙලඳපොල තරණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ මූලික සංකල්පය මත සමගි ජනබලවේගය කටයුතු කරන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

රටට ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බවත් ණය ප්‍රතිව්‍යහගතකරණයෙන් තොරව රටට ගමන් කිරීමට හැකියාවක් නැති බවත් රට ගැන හිතනවනම් ණය ප්‍රතිව්‍යහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට රැගනෙ යාමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *