• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතර දිස්ත්‍රික් මහ රෝහලට නවීන තාක්ෂණික විශේෂිත ඩිජිටල් X-ray පරීක්ෂණ යන්ත්‍රයක් – සෞඛ්‍ය අමාත්‍යංශය

5 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මාතර දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කර ඇති රුපියල් මිලියන 100 ක පමණ වටිනාකමකින් යුතු නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත ඩිජිටල් X-ray පරීක්ෂණ යන්ත්‍රය (Optima TM XR646 HD) ලබන සතියේ සිට රෝගී ප්‍රතිකාර සේවා සදහා එක් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ලබාදී ඇති මෙම X-ray පරීක්ෂණ යන්ත්‍රය දකුණු පළාතටම ඇති එකම නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත X-ray පරීක්ෂණ යන්ත්‍රය වේ. මෙම X-ray පරීක්ෂණ යන්ත්‍රය රෝහලේ ස්ථාපිත කර සතියක පමණ කාලයක් වන අතර, මේ වනවිට යන්ත්‍රයට මෘදුකාංග ඇතුලත් කිරිම ඇතුලු මුලික පරීක්ෂණ කටයුතු සිදු කෙරෙමින් පවතී.

විශේෂිත වූ X-ray පරීක්ෂණ සදහා මෙම යන්ත්‍රය යොදා ගැනෙන අතර, සාමාන්‍ය X-ray පරීක්ෂණ සදහා ද මෙම යන්ත්‍රය භාවිත කළ හැක. සාමාන්‍ය X-ray යන්ත්‍රයකින් ලබාගන්නා වාර්තාවකට වඩා මෙම යන්ත්‍රය මගින් වැඩි කාලයක් ලබාගෙන මූළු ශරීරයම ආවරණය වන පරිදි X-ray පරීක්ෂණ වාර්තා ලබාගත හැක. X-ray පරීක්ෂණ සිදු කිරීමේ දී මිනිස් සිරුරට ඇතුලත් කෙරෙන විකිරණ ප්‍රමාණය ඉතා අවම වන අතර, රෝග නිර්ණයට අදාල නිවැරදීම තොරතුරු ලබාගැනීම සදහා වන නවීනතම තාක්ෂණික පහසුකම් වලින් මෙන්ම ස්වසන රෝග හදුනා ගැනීම සදහා වන විශේෂිත වූ මාදුකාංග වලින් මෙම X-ray යන්ත්‍රය සමන්විත වේ. විකලාංග සහ ස්වසන රෝගීන් සදහා ප්‍රධාන වශයෙන් මෙම යන්ත්‍රය යොදා ගැනීමට නියමිතය.

මාතර දිස්ත්‍රික් මහ රෝහලට X-ray පරීක්ෂණ සේවා ලබාගැනීමට දෛනිකව රෝගීන් 150 ක් 200 ක ප්‍රමණයක් පැමිණෙන බවත්, මෙම යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 100 ඉක්මවා X-ray වාර්තා ලබාදීමට හැකි වනු ඇත.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මාතර දිස්ත්‍රික් මහ රෝහලේ සාමාන්‍ය රෝගී වාට්ටු, බාහිර රෝගී අංශය, අපද්‍රව්‍ය කළමණාකරණ ඒකකය, නඩත්තු අංශය, මාතෘ ඒකකය, සැළසුම් සහ සංවර්ධන අංශය, ඇතුලු අංශ රැසක් සහ මාතර කඹූරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලේ ළදරු දැඩිසත්කාර ඒකකය, නොමේරු ළදරු ඒකකය, මව් ළදරු ඒකකය, නව ජන්ම ඒකකය, මාතර බෝධි ආරක්ෂණ සභාව ඉදිකරන ලද “අපේක්ෂා පියස” නිරීක්ෂණයට ලක් කළ අතර, රෝහලේ සියළු අංශ නියෝජනය වන පරිදි රෝහල් කාර්ය මණ්ඩලය සමග දැනට පවතින ගැටළු හදුනාගැනීම සහ විසදුම් ලබාදීමට විශේෂ සාකච්ඡාවක් ද පවත්වන ලදි.

මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ මාතර දිස්ත්‍රික් මහ රෝහල විශාල සේවාවක් සපයන සහ ජනතා ප්‍රසාදය හිමිකරගත් රෝහලක් බවයි. රෝහල නගා සිටුවීමට සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහයෝගය අවශ්‍ය බවත්, නඩත්තු අංශය වැඩිදියුණූ කිරීමට සහ රෝහලේ වන හදිසි ගැටළු කඩිනමින් විසදීමට පියවර ගන්නා බව ද පැවැසූ අතර, මාතර කඹූරුගමුව නව දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩල ප්‍රවාහන සේවාවන් පිළිබදව ද අවධානය යොමු විය.

මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය උපාලි රත්නායක, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව පනතක් ගෙන එනවා – ඇමැති විජයදාස

Next Post

මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කෙරේ

editor

editor

Next Post

මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

ඇඟලුම් කම්හල් ගැන ආරංචි, සුබ නැහැ

20 May 2025
නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

නැවතත් ලොක්ඩවුන් යුගයක් ?

20 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

T56 ක් රැගත් කාන්තාවක් නිවාස සංකීර්ණයකට ඇතුළු වෙලා

20 May 2025
ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

ඉදිරි පැය 48 තුළ දී සිදු වන දේ ගැන බිය පළ කිරීමක්

20 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved