• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැට් බද්ද සංශෝධනය කර ජනතාව නොමරා මැරීම වෙනුවට රාජ්‍ය ආදායම වැඩි කරන්න – මන්ත්‍රී ජයන්ත

7 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සියල්ලෙහි මිල ඉහළ දමන වැට් බදු සංශෝධනය මගින් ජනතාව නොමරා මරන එකක් බවත් සැබෑ ලෙසම රාජ්‍ය ආදායම ඉහළ දැමීමට ආණ්ඩුවට වුවමනාවක් ඇත්නම් ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග තුනක් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද(07) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්තර ලංකා සභාගයේ පක්ෂ නායක මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ආණ්ඩුව රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට ගතයුතු පළමු ක්‍රියාමාර්ගය වන්නේ, තම ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා වන විජයදාස රාජපක්ෂ මහතා මෙවර අයවැය විවාදයේදී පෙන්වා දුන් පරිදි විදේශ බැංකුවල ‘”පාක් කොට ඇති” ඩොලර් බිලියන 54කට අධික මෙරටට හිමි අපනයන ආදායම කඩිනමින් රට තුළට ගෙන්වා ගැනීම බව යැයි ද සමරවීර මහතා පෙන්වා දුන්නේය.

ඒ සඳහා ආණ්ඩුව විසින් 1953 අංක 12 දරන විනිමය පාලන පනතෙහි සඳහන්ව තිබූ පරිදි “යම් අපනයනකරුවකු මාස හයක් ඇතුළත මෙරටට හිමි අපනයන ආදායම රට තුළට රැගෙන නොඒම” අපරාධ වරදක් ලෙස සැලකීමේ ප්‍රතිපාදනය වත්මන් පනතට(2017 අංක 24 දරන විදේශ විනිමය පනත) ඇතුළත් කරමින් එම පනත කඩිනමින් සංශෝධනය කළ යුතු බව සමරවීර මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු, එහෙත් මහා පරිමාණ බදු වංචාකරුවන් මෙතෙක් නොගෙවා ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 904ක් බවත් එම දැවැන්ත මුදල තුළ “පාරිභෝගිකයන්ගෙන් අය කරගෙන ව්‍යාපාරිකයන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙතෙක් නොගෙවා ඇති රුපියල් බිලියන 200ක වැට් බදු මුදල” ද වන බවත් ආණ්ඩුවේ ගජ මිතුරන් හා හුරතලුන් මෙසේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොගෙවා “පොල්ල තබා ඇති” දැවැන්ත මුදල කඩිනමින් අයකර ගැනීම රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ දෙවන ක්‍රියාමාර්ගය බව ද හෙතෙම පැවසිය.

එසේම ලංකා බැංකුව හා මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකුවලට නොගෙවා ඇති ණය ප්‍රමාණය, කෝප් කමිටුවේදී පවා එම බැංකු ප්‍රධානීන් නිවැරදිව ඉදිරිපත් කිරීමට අසමත් වුවත් ඒ මුදල ආසන්න වශයෙන් රුපියල් බිලියන 600-800ත් අතර මුදලක් යැයි අනාවරණය වී ඇති බවත් එම දැවැන්ත ණය ප්‍රමාණය කඩිනමින් අයකර ගැනීම, රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට මේ මොහොතේ ආණ්ඩුව ගතයුතු තෙවන කඩිනම් ක්‍රියාමාර්ගය බවත් සමරවීර මහතා සඳහන් කළේය. එහෙත් මෙම බැංකුවලින් නිවාස ණය ලබාගත් පිරිසට සහ ලක්ෂ දෙක, පහ, දහය වැනි කුඩා ණය මුදල් ලබා ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ණය ගෙවාගත නොහැකි වූ විට කිසිදු ප්‍රමාදයකින් තොරව දේපළ සින්න කරගැනීම නම් අපූරුවට සිදු වන බවට ද ඒ මහතා චෝදනා කළේය.

එනිසා ජනතාව විඳින දුක පිළිබඳව යන්තම් හෝ සහකම්පනයක් ඇත්නම් ඉහත ක්‍රියාමාර්ග තුන කෙරෙහි කඩිනම් අවධානය යොමුකර එමඟින් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එසේ නොකොට තම “ගජ මිතුරන් – සුරතලුන්” රකිමින්, “වැට් බදු සංශෝධනයට” සූදානම් වුවහොත් එය පරාජය කිරීමට “යකාගේ අම්මා” සමග හෝ එක්ව සටන් වදින බවත් සමරවීර මහතා දැඩිව අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවි‍දු කුමාරතුංග යන මහත්වරු ද එක්ව සිටියහ.

 

Post Views: 5
Previous Post

මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙක් ලෙස පත් කෙරේ

Next Post

දේශී‍ය ආහාර නිෂ්පාදනය වැට් බද්දට ඇතුළත් කිරීම ගැන යළි සොයා බැලීමක් – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

editor

editor

Next Post

දේශී‍ය ආහාර නිෂ්පාදනය වැට් බද්දට ඇතුළත් කිරීම ගැන යළි සොයා බැලීමක් - මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved