• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම අරමුණයි – ජනපති

10 December 2023
in දේශීය
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම අරමුණයි – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගිය 08 වනදා කොළඹ කෝල්ට්ස් පිටියේ පැවති කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ 150 වන සංවත්සර සැමරුම් උත්සවය අමතමිනි.

2030 දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා සතු බව පැවසු ජනාධිපතිවරයා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කළේ එම නිසා බවත් එය ඉදිරියේදි වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පැවරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම ඉන් බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

එසේම ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ඉදිරියේ දි ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගැනීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

රටේ නව ආර්ථිකයක් ගොඩනඟමින් සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමේ සැලසුම් රජය මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවලද දක්ෂතා දක්වන ජාතියක් බවට ශ්‍රී ලංකාව නැවත පත්විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා” කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ 150 වන සංවත්සරය වෙනුවෙන් මගේ සුබපැතුම් පිරිනමනවා. කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ කොටසක් බවට පත්ව තිබෙනවා. ඉංග්‍රීසි ජාතින් ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත් සමයේ සිටම කණ්ඩායම් එකතුවෙලා ක්‍රීඩා සමාජ පිහිටුවා ගනු ලැබුවා. නැවියන් පැමිණෙන විටත් ඔවුන් ද තාවකාලික ක්‍රිකට් කණ්ඩායම් පිහිටුවා ගත්තා. මැලේ රෙජිමේන්තුවේ බැරැක්කවල නැවතී සිටි සොල්දාදුවන් ඔවුන්ගේම ක්‍රිකට් කණ්ඩායමක් පිහිටුවාගත්තා, ඒ තමයි කෝල්ට්ස් කණ්ඩායම. එක් වරක් කෝල්ට්ස් සහ රාජකීය විද්‍යාලය, සාන්ත තෝමස් සහ වෙස්ලි විද්‍යාල අතර පැවති ක්‍රිකට් තරඟයෙන් පසුව එකතු වෙලා සිංහල ක්‍රීඩා සමාජය යනුවෙන් තවත් සමාජයක් පිහිටුවා ගන්න තීරණය කළා. ඒ සමගම ටැමිල් යූනියන් එක පිහිටවනු ලැබුවා. ඒ අනුව ජාතිවාදි මුහුණුවරකික් ආරම්භ වුණු ක්‍රීඩා සමාජ රැසක් ඇතිවුණා. මේවා මැලේ, බර්ගර්, සිංහල, දෙමළ කියන වචනවලින් පමණක් නම් කර තිබුණත්, දේශපාලන පක්ෂ මෙන් නොවී සියලු ජනවර්ගවල මිනිසුන් ඒවා තුළ එකට එක්ව කටයුතු කළා. අවාසනාවකට මෙන්, බොහෝ දේශපාලන පක්ෂවල එය දකින්න නැහැ. ඒ නිසයි අද අප මෙම ගැටළුවලට මුහුණ දී සිටින්නේ. කෙසේ නමුත් ඔබගේ දායකත්වය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ සටහන් විය යුතුයි කියා මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය දෙස බලන විට ඇතැම් බ්‍රිතාන්‍ය ජාතිකයන් අද අපට තිබෙන නීති රීති කිසිවක් නොමැතිව සරලව පන්දුවෙන් පිත්තෙන් සෙල්ලම් කළ යුගයේ සිට මේ දක්වාම ක්‍රිකට් ක්‍රීඩාවේ විකාශනය ඔබ සැම දැක තිබෙනවා. අප ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව දැක තිබෙනවා වගේම අප එම යුගය පසුකර ගොස් තිබෙනවා. මේ අයුරින් බලන විට ක්‍රිකට් යනු වේගයෙන් වෙනස් වන ක්‍රීඩාවක්. නවීන තාක්ෂණය සමඟ රූපවාහිනිය සහ මාධ්‍යයන් වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් ක්‍රීඩාවද වෙනස් වෙමින් පවතිනවා. මෙවර අයවැය විවාදය තුළද ප්‍රධාන ස්ථානයක් ක්‍රිකට් ක්‍රීඩාව ලබාගෙන තිබෙන බව අපට පෙනෙන්න තිබෙනවා. මෙවර අයවැය විවාදය ප්‍රධාන වශයෙන්ම ක්‍රිකට් ගැන මිස අයවැය ගැන නොවෙයි, ඒ කියන්නේ විපක්ෂයට ආණ්ඩුව සහ අයවැය යෝජනා පිළිබඳ විවේචනය කරන්න දෙයක් තිබුණේ නැහැ. මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවට නව අමාත්‍යවරයෙක් පත් වුණා. ක්‍රිකට් ක්‍රීඩාව තුළ පෙර පැවති තත්ත්වය නැවත ඇති කරන්නේ කෙසේද කියා මේ වන විට එම අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සියල්ල කඩිනමින් නිරාකරණය වී අපට නැවතත් ලෝකය සමඟ කටයුතු කරන්න ලැබේවා කියා අප ප්‍රාර්ථනා කරමු. 2030 දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් මට තිබෙනවා. ඒ නිසයි පාසල් මට්ටමෙන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් ලබාදුන්නේ. 2024 වසරට පමණක් නොව මෙම අරමුණ ඉටුවන තුරු අප මෙම මුදල් ලබා දෙනවා. එය එක් වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවිමට බලාපොරොත්තු වෙනවා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමේදී ඊට රජයේ වැඩි මැදිහත්වීමක් සිදු නොකර සිටීම අපේ අරමුණයි. ඒ වගේම ඉදිරියේදී ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වෙනවා. අපි මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පවරනවා. ඉතිරි කොටස පැවරෙන්නේ පාලක මණ්ඩලයට ඇති සංවර්ධන සැලසුම්වලටයි. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අමාත්‍යාංශයට ද බලතල තිබෙනවා. තනතීරු, උපකරණ මේ කුමක් සඳහා මුදල් වැය කළත් එය ප්‍රාග්ධන වැය ශීර්ෂයේ සඳහන් වෙනවා. ඉතින්, එයින් අදහස් වන්නේ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම පාසල් ක්‍රිකට් දියුණු වන බවයි. ඉන් පසුව පළාත් මට්ටමින් ක්‍රිකට් දියුණු කිරීමට අපට හැකියාව ලැබෙනවා. අපි අඛණ්ඩව ක්‍රිකට් ක්‍රීඩක සංචිතය නිර්මාණය කළයුතුයි. අපි මේ මුදල් යොදවන්නේ ක්‍රිකට් ක්‍රීඩකයිනගේ සංචිතය හදන්න. පිරිමි ළමයි විතරක් නෙවෙයි, ගැහැණු ළමයිනුත් ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේ අන්දමින් රට පුරා ක්‍රිකට් ක්‍රීඩාව යම් ප්‍රමිතියකට ගෙන ඒමට අපට හැකියාව ලැබෙනවා. බස්නාහිර පළාතේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන විට, කොළඹ පාසල් කිහිපයක හැරුණුවිට පාදුක්ක, කිරිඳිවැල, අගලවත්ත මේ වගේ ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව කිසිදු අයුරකින් දියුණු වී නැහැ. ඒ නිසා සියලුම පාසල් සහ සියලුම සිසුන්ට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවස්ථාවක් ඇති බව අප සහතික කළ යුතුයි.
ක්‍රිකට් කියන්නේ දියුණු වෙමින් පවතින ක්‍රීඩාවක්. අපිට හැම ක්‍රීඩාවකින්ම දිනන්න බැහැ. නමුත් ඇතැම් ඒවා අපට දිනන්න පුළුවන්. ඉතින් අපි මේ සදහා මුදල් යොදවන්න ලෑස්තියි. ඒ වගේම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රිඩා විශ්වවිද්‍යාලයක් ලෙස දියුණු කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා අපි ක්‍රිකට් පාලක මණ්ඩලය එක් කර ගන්නවා. රටේ නව ආර්ථිකයක් ගොඩනගමින් සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමේ සැලසුම් අප මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. අපි අපේ ආර්ථිකයෙන් පමණක් නොවෙයි, පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව වැනි අනෙකුත් ක්ෂේත්‍රවලින්ද දස්කම් දක්වන රටක් බවට පත්වන බවට සහතික වෙමු. ආර්ථිකය කියන්නෙ මුදල්. ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් අපි එයටත් ඇතුළත් වෙමු. ඒ වගේම ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගනිමු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද වත්මන් සහ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් සමාජයේ නිලධාරීන් මෙන්ම සාමාජිකයන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 7
Previous Post

දිවයින පුරා විදුලිය බිඳ වැටීම යථාතත්ත්වයට .. විදුලි පාරිභෝගිකයින්ගේ සහයෝගයට ස්තුතියි – විදුලි බල මණ්ඩලය

Next Post

වැට් සංශෝධන පනත අද යළිත් පාර්ලිමේන්තුවට .. නිදහස් පක්ෂය විරුද්ධයි

editor

editor

Next Post

වැට් සංශෝධන පනත අද යළිත් පාර්ලිමේන්තුවට .. නිදහස් පක්ෂය විරුද්ධයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved