27 July 2024
#දේශීය

දිවයින පුරා විදුලිය බිඳ වැටීම යථාතත්ත්වයට .. විදුලි පාරිභෝගිකයින්ගේ සහයෝගයට ස්තුතියි – විදුලි බල මණ්ඩලය

දිවයින පුරා විදුලිය බිඳවැටීම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොඑල් ප්‍රියන්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ (09) පස්වරු 05.10ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිද වැටීමක් සිදුවු බවයි.

ඒසේම ඊයේ රාත්‍රී 11 පමණ වන විට දිවයින පුරා විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත් බව හෙතෙම පැවසිය.

මෙම හදිසි විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ සම්බන්ධයෙන් විධිමත් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොඑල් ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

මෙම විදුලි බිඳ වැටීම් අවස්ථාවේදී විදුලි පාරිභෝගිකයින්ගේ මනා සංයමයෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම පිලිබඳව හදපිරි ගෞරවය හා ප්‍රණාමය පිරිනමන බව ඉංජිනේරු නොඑල් ප්‍රියන්ත මහතා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *