• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලිකවය යටතේ ක්‍රියාත්මක කරනවා -අමාත්‍ය ප්‍රසන්න

12 December 2023
in දේශීය
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම ව්‍යාපෘතිය ඉදිරියටත් තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත්කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් මේ වනවිට අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍යවරයා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 5500 ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ මාර්තු මස 31 වන දිනටයි. ව්‍යාපෘතිය ක්‍රියාකරවන්නන් පුහුණු කිරීම ලබන වසරේ ජුනි 30 වන දින දක්වා වන මාස 03 ක කාලය අදාල කොන්ත්‍රාත්කරුවන් වැඩ බිමේ රැදි සිටිමට එකග වි තිබේ.

දිනෙන් දින ඉහළ යන කොළඹ නාගරික ඝණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුව විසදීමේ අරමුණින් පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේ තිබු හුණුගල් කඩා ඉවත් කර අතහැර දමන ලද වලවල් ආශ්‍රිතව සනීපාරක්ෂක කසල රදවනයක් සහ අපදියර ප්‍රතිකර්ම පද්ධතියක් ඇතුළු අනෙකුත් පහසුකම් ඉදිකිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය වෙත පැවරී තිබිණ. කැලණිය හා පුත්තලම කසල හුවමාරු මධ්‍යස්ථාන 02 ක් ඉදිකිරීම හා ඊට අදාල දුම්රිය යටිතල පහසුකම් හා මාර්ග පද්ධතිය ඉදිකිරීම මේ යටතේ සිදුවිය.

මෙම ව්‍යාපෘතිය මුලින්ම සැලසුම් කෙරුනේ කොළඹ අගනගරය ආශ්‍රිතව ජනනය වන කසල මෙට්‍රික්ටොන් 1200 ක් කැලණිය කසල හුවමාරු මධ්‍යස්ථානය වෙත රැගෙන විත් එහිදී සම්පීඩනයට ලක්කර බහලුම් පෙට්ටි වල අසුරා දුම්රිය මගින් ප්‍රවාහනය කර අරුවක්කාලු වලදී සනීපාරක්ෂක ලෙස බැහැර කිරීම සදහායි. එහෙත් මේ වන විට බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන මගින් බැහැර කරන අවශේෂ කසල සියල්ල සනීපාරක්ෂක ලෙස බැහැර කිරීමට හැකිවන පරිදි මෙම පහසුකම් ඉදිවෙමින් පවතී.

ව්‍යාපෘතියේ මුලු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 130කි. කැලණිය හුවමාරු මධ්‍යස්ථානයේ සිට අරුවක්කාලු කසල හුවමාරු මධ්‍යස්ථානය දක්වා දුම්රිය මගින් කසල ප්‍රවාහනය කිරීමට දුම්රිය එංජින් 04ක් ආනයනය කර ඇත. ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන තුරු එම එංජින් මගී ප්‍රවාහනයට යොදා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. කසල ප්‍රවාහනය සදහා අවශ්‍ය බහලුම් පෙට්ටි 94 ක්ද මිලදී ගෙන තිබේ. කැලණිය සිට අරුවක්කාලු දක්වා කසල ප්‍රවාහනය සදහා අවශ්‍ය දුම්රිය ගැල් 17 ක් අලුත්වැඩියා කර ලබා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 549.06 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ. එම මුදල ලබා දීම සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

එම අලුත්වැඩියා කටයුතු සිදුකරන තුරු දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතු ක්‍රියාකාරී මට්ටමේ පවතින දුම්රිය ගැල් අවශ්‍ය පරිදි ව්‍යාපෘතියේ මෙහෙයුම් සදහා ලබා දීමටද දුම්රිය දෙපාර්තමේන්තුව එකගතාවය පලකර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අරුවක්කාලු වැසි ජල පද්ධතියක් ඉදිකිරීමට ප්‍රදේශවාසීන් දිගින් දිගටම විරෝධය පල කරන අතර එම විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර ගැටළුව විසදීමට හැකි පියවර ගන්නා බව පවසන ඇමතිවරයා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ජනතාවගේ අදහස්ද සැලකිල්ලට ගැනීම රජයේ ප්‍රතිපත්තිය බවද පෙන්වා දෙයි.

Post Views: 8
Previous Post

පිරිමි කුකුළු පැටවුන් 50,000ක් ඇති කිරීම සඳහා කැමැත්තක් දක්වන්නට නොමිලේ බෙදා දෙයි

Next Post

තාක්ෂණය අතින් ඉන්දියාව ඉදිරියෙන්, අපි හැමදේකම පිටුපසින් ඉන්නේ – මන්ත්‍රී වජිර

editor ttvnews

editor ttvnews

Next Post

තාක්ෂණය අතින් ඉන්දියාව ඉදිරියෙන්, අපි හැමදේකම පිටුපසින් ඉන්නේ - මන්ත්‍රී වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved