ගණ පූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් තැබීම හේතුවෙන් ඊයේ (10) දින සම්මත කර ගත නොහැකි වූ වැට් සංශෝධනය කෙටුම්පත අද (11) දින යළිත් ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉතා වැදගත් පනත් කෙටුම්පතක් විවාද කරමින් සිටිය දී විපක්ෂය තර්කානුකූලව එය පරාජය කිරීම වෙනුවට වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන බවයි.
අදාළ කෙටුම්පත පසුගිය අගෝස්තු මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර වැට් බද්දට අදාළ වන භාණ්ඩ ලැයිස්තුව ඊට ඇතුළත් බව හෙතෙම පැවසුවේය.
එසේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් (VAT) බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා නිවේදය කරයි.