• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොහොට්ටුවේ ලකුණ දරණ ධජ ලංකාවේ සෑමතැනකම ලෙලදෙනවා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

13 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය මධ්‍යම ප්‍රතිපදාව අනුව ක්‍රියාත්මක වන එකම පක්ෂය බවත් අන්තවාදි පක්ෂයක් නොවී මැද මාවතේ යන පක්ෂයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ රටේ තිබෙන ප්‍රධාන පක්ෂයක් හැටියට පක්ෂයේ මහා සම්මේලනය පවත්වන්න 15 දා සවස 2.00 ට සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ සුදානම් වෙනවා. ඒ වගේම අපේ පාර්ලිමේන්තු මැති ඇමතිවරු , හිටපු පළාත් සභා මැති ඇමතිවරු සහ නගරාධිපතිවරු, ප්‍රාදේශීය සභා සභාපතිතුමාලා ඇතුළු සියලූම මහජන නියෝජිතියෝ වගේම පක්ෂයේ ශාඛා සංවිධාන, අනුබද්ධ සංවිධාන නිලධාරී ඒ සියලුදෙනාම මේ වන විට යුහුසුළුව මෙම සම්මේලනය සාර්ථක කරගන්න සහ ඉතා උසස් අන්දමින් පවත්වන්න අවශ්‍ය කටයුතුවල යෙදෙමින් පවතිනවා. මේ වන කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙලුම් පොහොට්ටුවේ ලකුණ දරණ ධජ ලංකාවේ සෑමතැනකම ලෙලදෙනවා කියලා ඉතා සංතෝසයෙන් කියන්න කැමති. හුඟාක් දෙනෙක් හිතුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වලදාලා ඉවරයි කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති මාලාවක් තිබෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාව අනුව මේ රටේ ගොවිකම්කරු ජනතාව වෙනුවෙන් පෙනි සිටි පක්ෂයක්. ඒ වගේම අපේ පක්ෂය තමයි මධ්‍යම ප්‍රතිපදාව අනුව ක්‍රියාත්මක වෙන එකම පක්ෂය. අපි අන්තවාදි පක්ෂයක් නොවේ. මැද මාවතේ යන පක්ෂයක් හැටියට, ඒ වගේම රටේ නිෂ්පාදනය, රටේ ආර්ථික සංවර්ධනය, කෘෂිකාර්මික පදනමක් මත ඒ විශ්වාසය තියාගෙන ඉදිරියට යන පක්ෂයක්. ඒ වගේම අපි පුළුවන් තරම් අපේ රටේ නිෂ්පාදනය වැඩිකිරීමේ ප්‍රතිපත්තිය තිබෙන්නේ. ඒ නිසා පහුගිය කාලයේදී යම් යම් අඩුපාඩු වුනත් අපි පක්ෂයක් හැටියට පක්ෂයේ ප්‍රතිපත්ති හා පක්ෂයක් හැටියට ඒ අපේ ප්‍රතිපත්තිවල කිසිම වෙනසක් වෙලා නැහැ. අපි සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනි සිටින පක්ෂයක් කියන එක ජනතාව දන්නවා. ඒ නිසා අපේ පක්ෂය විනාශ කරන්න යම් යම් ප්‍රතිගාමි බලවේග කටයුතු කලත් මේ රටේ ප්‍රගතිශිලි ජනතාව දන්නවා මේ පක්ෂය ජනතාවට වැරැද්දක් කර නැහැ කියලා. අපේ රට ප්‍රජාතන්ත්‍රවාදි රටක්. ගිනි තියලා, මිනිස්සු මරලා බලය ගන්න පක්ෂයක් නොවේ. ජනතාවගේ කැමැත්ත මත ඒ බලය ලබාගන්න පක්ෂයක් මිසක් වෙනත් මැර ක්‍රියාවලින් ඉදිරියට යන පක්ෂයක් නොවේ. ඒ නිසා තමයි අපිට මේ වන විට නැවත පක්ෂය ඉතාම ඉහළ මට්ටමකට ගේන්න පුළුවන්වෙලා තිබෙන්නේ. විශේෂයෙන් බලපානවා අපේ පක්ෂයේ නායකයා. ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වය. අපේ රටේ ඉතිහාසය දිහා බැලුවාම මේ රටේ අවුරුදු 30 ක් තිබුණු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නැතිකර, රට සංවර්ධනය හදුන්වාදුන්, හැම අංශයක්ම සංවර්ධනය කරන්න එතුමා කටයුතු කළා. අද යම්කිසි ප්‍රගතියක් පේනවා නම් සංවර්ධනයක් පේනවානම් එතුමාගේ කාලයේ තමයි කරන්න පුළුවන් වුණේ. නමුත් අවාසනාවකට 2014 අගභාගයේදී ජනාධිපතිවරණයෙන් එතුමා පරාජයට පත්කිරීම නිසා තමයි මේ සියලූම ආර්ථික අර්බුද සහ නොයෙකුත් දේවල් මතු වුණේ. එතුමාට අවුරුදු 05 ක් මේ රට කරගෙන යන්න තිබුණා නම් ආසියාවේ ආශ්චර්යම නගරය හැටියට කොළඹ නගරයත්, රටත් පත්කරන්න එතුමා බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් ඒ කාලය අපිට ගත වුණා. නමුත් අපි පක්ෂයක් හැටියට ඉදිරි කටයුතු ඉදිරියටත් ඒ ආකාරයෙන්ම කරන්න කටයුතු කරනවා.”යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙහිදි සඳහන් කළේ ය.

Post Views: 1
Previous Post

මෙරට ව්‍යවසායකයින් සවිබල ගන්වමින් ගෝලීය ව්‍යවසායකත්ව සතිය සාර්ථකව නිම වෙයි

Next Post

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේ දී සරල කිරීමට සැලසුමක් – අධ්‍යාපන ඇමැති සුසිල්

editor

editor

Next Post

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේ දී සරල කිරීමට සැලසුමක් - අධ්‍යාපන ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved