• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

නෙලුම් කුලුනේ Blue Orbit අවන්හල සහ Cosmic උත්සව ශාලාව විවෘත කරන ලදී

19 December 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දකුණු ආසියාවේ උසම ස්වාධීන ඉදිකිරීම වන කොළඹ නෙලුම් කුලුනෙහි 27වන මහලෙහි පිහිටි, Blue Orbit කැරකෙන අවන්හල කළමනාකරණය කරන Citrus Leisure PLC විසින් පසුගියදා නිල වශයෙන් විවෘත කළේ ය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම කැරකෙන අවන්හල වන මෙය විවෘත කිරීම සඳහා 2023 දෙසැම්බර් 09 සහ 10 දිනවල උත්සව දෙකක් පැවැත්විණි.

මෙම උත්සවවලට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා ඇතුළුව ප්‍රමුඛ පෙළේ නිලධාරීන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. අවන්හල විවෘත කිරීමේ අවස්ථාවේදී විශේෂ ගිනිකෙළි සංදර්ශනයක්ද පැවැත්වුණු අතර, අවන්හලේ උස මට්ටමේදී ආලෝකවත් වන ආකාරයට එම ගිනිකෙළි සැලසුම් කර තිබිණි.

මෙම විවෘත කිරීමේ උත්සවවලදී නවෝත්පාදනය උදෙසා Citrus Leisure සමාගම දක්වන උනන්දුව කෙරෙහිද විශේෂ අවධානයක් යොමු විය. අභ්‍යවකාශ වස්තූන් සහ අභ්‍යවකාශ යානාවල ගමන් රටාවන්ගෙන් ආභාසය ලබා නිර්මාණය කර ඇති මේ අවන්හල කාටත් සුවිශේෂී අත්දැකීමක් වනු නිසැක ය. Blue Orbit අවන්හල නෙලුම් කුලුනේ පරිධිය ආවරණය කරමින් භ්‍රමණය වන නිසා, එහි ආහාර ගන්නා පුද්ගලයන්ට කොළඹ නගරයත් සාගරයත් සිත් සේ දැකබලා ගැනීමට අවස්ථාව හිමි වේ.

විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වූ සම්භාවනීය ආරාධිතයන්ට, Blue Orbit අවන්හල සහ එහි විශේෂත්වයන් දැකබලා ගැනීමට අවස්ථාව ලැබිණි. මෙම අවන්හලේදී ලොව විවිධ ආහාර සම්ප්‍රදායන්ට අයත් ප්‍රණීත ආහාරපාන වර්ග රාශියක් රස බැලීමට අවස්ථාව හිමි වේ. බටහිර, ඉතාලි, ජපන්, චීන, ඉන්දියානු, අරාබි සහ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික යන සම්ප්‍රදායන්ට අයත් ආහාරපාන මෙම අවන්හලේදී මිලදී ගැනීමට හැකි වනු ඇත.

එකිනෙකට වෙනස් ‘Action Stations’ 8 ක් පිහිටා තිබීම මෙම අවන්හලේ තවත් විශේෂත්වයකි. මෙම අතරින් එකක් කුඩා දරුවන් වෙනුවෙන්ම වෙන්කර ඇති අතර, ඔවුන්ටද සදා මතකයේ රැඳෙන අත්දැකීම් පෙළක් තිළිණ කිරීම එහි අරමුණ වේ. මෙම අවන්හල තුළදී වරකට 225 දෙනෙකුට ආහාර ගත හැකි අතර, එය දිනපතා පෙරවරු 11 සිට පස්වරු 11 දක්වා විවෘත තැබෙනු ඇත. එහිදී පෙරවරු 11.30 සිට පස්වරු 3.30 දක්වා දිවා ආහාරය ලබාගත හැකි අතර, පස්වරු 6.30 සිට පස්වරු 8.30 දක්වා සහ පස්වරු 9.00 සිට පස්වරු 11.30 දක්වා වශයෙන් රාත්‍රී ආහාර කාලසීමාවන් දෙකක් වෙන්කර තිබේ.

Blue Orbit අවන්හලට අමතරව Citrus Leisure විසින් ‘Cosmic’ නමින් ආසියාවේ උසම Banquet ශාලාවද විවෘත කරන ලදි. කොළඹ නෙලුම් කුලුනේ 26 වැනි මහලේ පිහිටා ඇති මෙය, බිම් මට්ටමේ සිට අඩි 751 ක් උසින් පිහිටා තිබේ. මෙය කොළඹ නගරයේ සුන්දරත්වය විඳිමින් විවාහ මංගලෝත්සව සහ ව්‍යාපාරික උත්සව ආදිය පැවැත්වීමට කදිම ස්ථානයක් වනු ඇත.

“මීට වසරකට පෙර බොහෝ දෙනෙකු මේ ව්‍යාපෘතිය දුටුවේ සුදු අලියෙකු ලෙසයි. එහෙත් අද වන විට නෙලුම් කුලුන සුවිශේෂී සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් වගේම සැලකිය යුතු ආදායමක් ජනනය කරන ස්ථානයක් බවට පත් වී තිබෙනවා. Citrus Leisure මගින් මේ ආකාරයට Blue Orbit සහ Cosmic ආරම්භ කිරීම මෙය නව මානයකට රැගෙන යන පියවරක් වේවි. මෙය සම්ප්‍රදාය සහ නවීනත්වය මුසු කිරීමක් වන අතරම එය ශ්‍රී ලංකාවේ ප්‍රගතිය මෙන්ම, ශ්‍රී ලංකාව ගෝලීය තලයට රැගෙන යාම සඳහා අප දරන උත්සාහය නිරූපණය කරනවා. මෙහි පැමිණ මේ නව අත්දැකීම විඳගන්නා මෙන් මා සියලු දෙනාට ආරාධනා කරනවා. මෙහි සුවිශේෂී බව අඛණ්ඩව පවත්වාගැනීම සඳහා ඉදිරියේදී තවත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.” Colombo Lotus Tower Management Company පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පැවසී ය.

“හුදෙක් ආහාර ගැනීමෙන් ඔබ්බට ගොස්, අමුත්තන්ට සදාකල් මතකයේ රැඳෙන අත්දැකීම් තිළිණ කිරීම අපගේ ඉලක්කයයි. කොළඹ නගරයේ සංචාරක ආකර්ෂණයට මෙවැනි අංගයක් එක්කිරීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. ඉදිරියේදී කොළඹ නගරයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන් පැමිණිය යුතු ස්ථානයක් ලෙස මෙය ජනප්‍රිය වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. Blue Orbit සහ Cosmic වෙත පැමිණ මේ ප්‍රණීත ආහාරපාන, විශිෂ්ට සේවාව සහ ස්ථානීය සුන්දරත්වය විඳගන්නා මෙන් මා සියලුම දෙනාට ආරාධනා කරනවා. මෙය කොළඹ නගරය සහ ඉන් ඔබ්බට විහිදෙන හාත්පස දර්ශනය අංශක 360 ක කෝණයකින් දැකගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවක්. මෙය සුඛෝපභෝගී ජීවන රටාවන් සහ නවෝත්පාදනයන් එක්තැන් කිරීමට අප දරන උත්සාහයේ තවත් සුවිශේෂී පියවරක් ලෙසත් හැඳින්විය හැකියි.” Citrus Leisure PLC ප්‍රධාන විධායක නිලධාරී චන්දන තල්වත්ත මහතා පැවසී ය.

 

PR

Post Views: 8
Previous Post

මහපොළ සෙවණ යට අධ්‍යාපනය හා දැනුම බිහිවී ඇති බව අගමැති කියයි

Next Post

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා – රාජ්‍ය අමාත්‍ය කනක

editor

editor

Next Post

ආණ්ඩු වෙනස් වන විට වෙනස් නොවන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා - රාජ්‍ය අමාත්‍ය කනක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved