• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ ප්‍රතිමාව නිරාවරණය ජනවාරි 05දා

2 January 2024
in දේශීය
සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ ප්‍රතිමාව නිරාවරණය ජනවාරි 05දා
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

භාරතයේ නූතන බෞද්ධ පුනර්ජීවනයේ නිර්මාතෘ සිරි දේවමිත්ත ධම්මපාල හිමියන්ගේ (අනගාරික ධර්මපාලතුමන් පැවිදි දිවියේ ) ඉදි වූ ප්‍රථම පිළිරුව නිරාවරණය ජනවාරි 05  දින කොළඹ මාලිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාර පරිශ්‍රයේ දී සිදු කිරිමට නියමිතයි.

ඊට සමගාමීව එම විහාරයේ තැන්පත් කර ඇති සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා එදින පෙරවරු නවයේ සිට පස්වරු හයයි තිහ දක්වා (9.00 – 6.30) මහජන පූජෝපාහාරයට ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමය නිවේදනය කරයි.

අග්‍රශාවක ධාතූන් වහන්සේලා මහජනතාවට දැක බලා වැඳ පුදා ගැනීමට මෙසේ අවකාශ සැලසෙන්නේ දීර්ඝ කාලයකට පසුව බව අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලාගේ තේවාව භාර අම්බුලුගල සුමංගල හිමියෝ පවසති.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ බෝපාල් ආසන්නයේ අශෝක අධිරාජයා විසින් ඉදිකළ සාංචි ස්ථූප සමූහය 11 වන ශත වර්ෂයෙන් පසු ඇති වූ විවිධ ආක්‍රමණ හේතුවෙන් විනාශ වී නටඹුන් වී ශතවර්ෂ ගණනාවක් සාංචි කඳුවැටියේ මහා ඝන වනාන්තරයේ සැඟව තිබුණි. එම නටඹුන් ස්ථූප 1818 දී ජෙනරල් හෙන්රි ටේලර් විසින් පළමු වරට සොයාගනු ලැබීය.

ඉන්පසු 1851 දී මෙම සාංචි පුදබිම ගවේෂණය කළ ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් සහ චාර්ල්ස් මෙයිසි සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතු තැන්පත් කර තිබූ ශෛලමය මංජුසාව සොයා ගනු ලැබූහ.සොයා ගනු ලැබූ එම සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා1853 දී සිට එංගලන්තයේ වික්ටෝරියා – ඇල්බට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබී ඇත.

මෙම අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා බෞද්ධයන් වෙත ලබා ගැනීමට මහාබෝධි සංගමය සහ ලෝක බෞද්ධ නායකයන් එක්ව කළ සටනක ප්‍රතිඵලයක් වශයෙන්,1947 පෙබරවාරි 27 වැනිදා එම කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා මහාබෝධි සමාගමේ නියෝජිත ලෙස ලන්ඩනයට ගිය දයා හේවාවිතාරණ මහතාට බාරදෙනු ලැබීය. එංගලන්තයේ සිට “ඔරයන්” නෞකාවෙන් මාසයකට ආසන්න නාවික ගමනකින් පසු මාර්තු 14 වෙනි දින එම ධාතූන් වහන්සේලා රැගත් නැව කොළඹ වරායට සේන්දු විය.ඉන්පසු ධාතූන් වහන්සේලා කොළඹ කෞතුකාගාරයේ තැන්පත් කර තිබියදී ලක්ෂ දොළහකට ආසන්න ජනතාවක් එම ධාතූන් වහන්සේලා වැඳ පුදා ගත් බව වාර්තාවල දැක්වෙන බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියෝ පවසති.

අනතුරුව (වසර දෙකක් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කළ බව සමහර ලේඛනවල දැක්වේ) මෙම ධාතූන් වහන්සේලා නැවත ඉන්දියාවේ කල්කටා නුවර ඔස්සේ සාංචියට වැඩම කරවා එහි තැන්පත් කරනු ලැබීය.

පසුව එම ධාතූන් වහන්සේලා ගෙන් කොටසක් බුරුමයටද පරිත්‍යාග කරනු ලැබූයෙන් (1951) ශ්‍රී ලංකාවට ද එම ධාතුන් වහන්සේලා කොටසක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුව ඉන්දීය රජය ලබාදුන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා 1955 දී සාංචියේ සිට එග්මෝර් ඔස්සේ තලේමන්නාරමට දුම්රියෙන් හා නැවෙන් වැඩම කරවනු ලැබුහ.එතැන් සිට ද දුම්රියෙන් කොළඹට වැඩම කරවනු ලැබූ එම ධාතූන් වහන්සේලා මහාබෝධි මූලස්ථානයේ තැන්පත් කරනු ලැබීය. අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා තැන්පත් කිරීමට විහාර මන්දිරයක් ඉදි කිරීමට 1952 අගෝස්තු 20 වැනිදා එවකට ජපානයේ ඔටුන්න හිමි කුමරා වූ තකහිතෝ මිකාෂා කුමරු මුල්ගල තැබුව ද එහි කටයුතු ඉතාම මන්දගාමීව සිදුකිරීම හේතුවෙන් එකල අතිශය දුෂ්කර තත්ත්වයන් තුළ සාංචි චේතියගිරි විහාරය ඉදිකළ අතිපූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියන්ට මෙම විහාරය ඉදිකිරීමේ කාර්යය මහාබෝධි සංගමය භාර කරනු ලැබූ බව බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
එසේ ඉදිකළ අග්‍රශ්‍රාවක මහා විහාරය අග්‍රශාවක ධාතූන් වහන්සේලා තැන්පත් කර,1969 සැප්තැම්බර් 03 දින එවකට අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව මැතිතුමා විසින් විවෘත කරනු ලැබීය.

එදා බුදුන් දවස රාජ්ගිරි හා ශ්‍රාවස්ති හි නිදන් කර තිබූ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා අශෝක අධිරාජයා සාංචියට වැඩම කරවා ඒවා නිදන් කොට සිය බිසව වූ විදිසා දේවිය වෙනුවෙන් මෙම සාංචි චෛත්‍යය ඉදි කරනු ලැබීය.

සාංචි පුදබිමෙන් හමු වූ අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා අද අපට වැඳ පුදා ගැනීමට ලැබුණේ මීට වසර (69) හැට නවයකට පෙර මෙම මාළිගාකන්ද පුදබිමට එම ධාතූන් වහන්සේලා වැඩම කළ නිසාවෙන්ය.

අතිපූජ්‍ය හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමියන් ගෙන් පසු 2000 ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ධූරයට පත් අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ මෙහෙයවීමෙන් ඉතාමත්ම ගෞරවනීය පුදබිමක් බවට පත්වූ මාලිගා කන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයට 2015 දී පාවුළු ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද එම වසරේදීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් ද දෙස් විදෙස් බෞද්ධ නායකයන් රැසක් ද වරින් වර පැමිණ ඇත.

බානගල නා හිමියන්ගේ 74 වන ජන්ම දිනය යෙදෙන ජනවාරි පස්වෙනි දින උන්වහන්සේටත් ශ්‍රී ලංකාවටත් රටේ ජනතාවටත් සෙත් හා යහපත පතා මෙම අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා මහජනතාවට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසාදීමටත්,ඒ අනුව ජනවාරි (05)පස්වෙනි දින පෙරවරු නවයේ (9.00) සිට පස්වරු හයයි තිහ (6.30) දක්වා අග්‍රශාවක ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා ඇතැයි මහාබෝධි සමාගමේ ප්‍රධාන ලේකම් ජනාධිපති නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා පවසයි.

Post Views: 40
Previous Post

අමාත්‍යංශයේ සියළු ආයතන එකම ගොඩනැගිල්ලක්‌ තුල කිරීමේ වැඩපිලිවෙලක් – ලේකම් වියානි ගුණතිලක

Next Post

ෂාන් විජයලාල්ට සජබ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධූරය ලබා දෙයි

editor ttvnews

editor ttvnews

Next Post
ෂාන් විජයලාල්ට සජබ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධූරය ලබා දෙයි

ෂාන් විජයලාල්ට සජබ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධූරය ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved