27 April 2024
#දේශීය #පුවත්

ෂාන් විජයලාල්ට සජබ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධූරය ලබා දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධූරයත් සමගි ජනබලවේගයේ පක්ෂ සමාජිකත්වය ඊයේ (01) දින ලබා දී තිබේ. ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා, ‘‘මම සමගි ජනබලවේගය සමඟ එකතු වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇතිවූ ගැටලුවක් නිසා නෙවෙයි. රට වෙනුවෙන් ඉටු කළ යුතු කාර්යය භාරය පිළිබඳ අවබෝධයක් තිබුණ නිසා. 2024 ආරම්භයේදී රට ගොඩගැනීමේ වැඩපිළිවෙලට ප්‍රවේශයක් ලබාදෙන්න පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතු වෙන්න ඕන නිසා. රටේ තිබෙන දුර්දාන්ත පාලන ක්‍රමය වෙනස් කරලා ජනතාවාදී පාලනයක් රට තුළ ඇති කරන්න ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයේදී අපි ජනතාව දිනවිය යුතුයි. ඒ නිසා වැඩිම ජන බලවේගයක් තිබෙන ප්‍රබල දේශපාලන ප්‍රවාහය වන සමගි ජනබලවේගය සමග එකතු වීමට තීරණය කළේ. වර්තමාන ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට වඩා වෙනස් වුණ වැඩපිළිවෙලක් ජනතාව දිනවන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න අපි සූදානම්. වර්තමාන ආණ්ඩුවට රටේ තිබෙන ආර්ථික ගැටලුවලට විසදුමක් ලබාදෙන්න කිසිදු අවශ්‍යතාවයක් සහ වැඩපිලිවෙලක් නෑ. අපනය ආර්ථිකය පිළිබඳ වර්තමාන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ණය ගෙවන්න තවත් ණය ගනිමින් රට තවත් අගාධයකට ඇඳ දැමීමට වර්තමාන පාලයක් කටයුතු කරමින් සිටිනවා. ජනතා ශක්තියක් තිබෙන ඉදිරි මැතිවරණ ජයග්‍රහනය කළ හැකි ශක්තිමත් නායකත්වයක් තිබෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල සමඟ එකතු වීම යුගයේ අවශ්‍යතාවයක් සහ ජාතියේ කාර්යභාරයක්. රටේ පවතින නීතිය අනුව සැප්තැම්බර් මාසයට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ඊට පෙර අවශ්‍ය නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න පුලුවන්. සියලු තුරුම්පු තියෙන්නේ ජනාධිපතිවරයා සතුව. ඔහු කුමන තුරුම්පුව ගහයිද කියලා අපිට කියන්න බෑ. කුමන මැතිවරණයක් පැවැත්වුවත් ජනතා විරෝධි පාලන තන්ත්‍රය වෙනස් කරන්න අපි එකට හිටගන්නවා. කතානායකවරයාට දකුණු පසින් වාඩිවෙලා සිටින අයට විතරයි රට කරන්න පුලුවන් කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා. නමුත් කතානායකවරයාට වව් පසින් සිටින බොහෝ දෙනෙකුට රටක් පාලනය කිරීමට හැකි දැනුමක් අවබෝධයක් අද්දැකීමක් තිබෙනවා. අපගේ පාලන තන්ත්‍රයක් තුළ රටේ පවතින ගැටලුවලට සාධනීය විසඳුම් ලබාදෙන්න අපි කටයුතු කරනවා.“ යැයි මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා

Leave a comment

Your email address will not be published. Required fields are marked *