තුන්වන චාල්ස් රජු ලබන සතියේ වෛද්‍ය පරික්ෂණ කිහිපයකට ලක් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඔහු ඉදිරි දින කිහිපය රෝහල් ගත කරන බව වාර්තා වේ. චාල්ස් රජුගේ රෝගී තත්ත්වය මහජනතාවට හෙළි කිරීම සාමාන්‍යයෙන් සිදු නොවේ.
නමුත් ඔහු විශාල වූ පුරස්ථි ග්රන්ථියකට ප්‍රතිකාර ලබන බව මාලිගාවෙන් හෙළි කර ඇත.
මෙම තත්වය බොහෝ වැඩිහිටි පිරිමින්ට පොදු වේ. චාල්ස් රජුගේ වයස අවුරුදු 75 කි.
ඔහුගේ තත්ත්වය බරපතල නොවනු ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටි.