• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමන්තුරේ මුලික රෝහල් තෙමහල් ගොඩනැගිල්ල මාස 02 ක් ඇතුලත ජනතා අයිතියට- සෞඛ්‍ය අමාත්‍යංශය

24 March 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අනුව සමන්තුරේ මුලික රෝහලේ රුපියල් මිලියන 850 ක වියදමින් ඉදිකෙරෙන තෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (23) නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ මුලික රෝහලේ ඉදිවෙන මෙම ගොඩනැගිලි සංකීර්ණය නිරික්ෂණයට ලක් කෙරිණ. එහිදී රෝහල් සංවර්ධන කමිටු රැස්වීම ද පවත්වන ලදි.

මෙහිදී සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා කියා සිටියේ ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් සම්පුර්ණයෙන් නිම කර උපකරණ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙමින් මාස 02 ක කාලයක් තුල ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි. ගොඩනැගිල්ල ඉතා කෙටි කාලයක් තුල නියමිත ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකිරීම් සිදු කරමින් අවසන් අදියරට පැමිණ ඇති බව ද පැවැසීය. සෞඛ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් අනුව රෝහලට පැමිණ අවශ්‍යතා හදුනාගෙන ව්‍යාපෘතිය අවසන් කිරීමට අදාල තීරණ ලබාගත් බව ද පැවැසීය.

මෙම තෙමහල් ගොඩනැගිලි සංකීරණය තුල, වාට්ටු සංකීර්ණ, මාතෘ ඒකක, ඖෂධ ගබඩා, සායන බෝනොවන රෝග ඒකක, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන, රසායනාගාර, ශල්‍යාගාර සහ හදිසි ප්‍රතිකාර ඒකක ද වේ. මෙම ව්‍යාපෘතිය යටතේ වෛද්‍ය උපකරණ ද එම රෝහල්වලට ලබාදීමට ද කටයුතු යොදා ඇත.

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අනුව මීරිගම මුලික රෝහල, සමන්තුරේ මුලික රෝහල, එරාවුර් මුලික රෝහල, පොතුවිල් මුලික රෝහල, කල්පිටිය ප්‍රාදේශීය රෝහල, රකිල්ලගස්කඩ මුලික රෝහල, දර්ගා නගරය ප්‍රාදේශීය රෝහල, අළුත්ගම ප්‍රාදේශීය රෝහල, මැදිරිගිරිය මුලික රෝහල, පදවිය මුලික රෝහල, වලස්මුල්ල මුලික රෝහල, කලවාන මුලික රෝහල, මහියංගණය මුලික රෝහල යන රෝහල් වල සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්) ජී.විඡේසූරිය, කල්මුණේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය S.R Lssadeen, සමන්තුරේ මුලික රෝහලේ අධ්‍යක්ෂ එම්.එච්.එම් අසාත් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 9,539
Previous Post

රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කළ හැක්කේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් පමණයි – ජනපති

Next Post

සියලු‍ 1-5 ශ්‍රේණිවල දරුවන්ට හෙට සිට ප්‍රධාන ආහාර වේලක්

editor ttvnews

editor ttvnews

Next Post
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

සියලු‍ 1-5 ශ්‍රේණිවල දරුවන්ට හෙට සිට ප්‍රධාන ආහාර වේලක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලොතරැයියට නීති

ලොතරැයියට නීති

4 August 2025
අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

4 August 2025
ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

4 August 2025
2025 අගෝස්තු ඔබට කොහොමද?

2025 අගෝස්තු ඔබට කොහොමද?

4 August 2025

Recent News

ලොතරැයියට නීති

ලොතරැයියට නීති

4 August 2025
අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

4 August 2025
ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

4 August 2025
2025 අගෝස්තු ඔබට කොහොමද?

2025 අගෝස්තු ඔබට කොහොමද?

4 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලොතරැයියට නීති

ලොතරැයියට නීති

4 August 2025
අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

4 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved