• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි – ජනපති

30 March 2024
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු වනු දැකීම අපේක්ෂාවයි – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම දේශපාලනය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකි සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පසුගිය 28 වනදා පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) 125 වන සංවත්සර සැමරුමට එක් වෙමිනි.

සිංහල ක්‍රීඩා සමාජයේ වසර 125ක ඉතිහාසය සටහන් කෙරුණු සුවිශේෂී ග්‍රන්ථයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර එයට සමගාමීව තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරිණි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර ශ්‍රී ලංකා පිලට නායකත්වය දුන් එස්එස්සී ක්‍රීඩකයන් ඇගයීමට ලක් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකටද එක් විය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” රාජකීය, ශාන්ත තෝමස්, වෙස්ලි වැනි පාසල්වලින් ක්‍රිකට් ක්‍රිඩාවට එක්වුණු සියලුදෙනාම අද මෙහි පැමිණ සිංහල ක්‍රීඩා සමාජය සමඟ සිය අනන්‍යතාව තහවුරු කර තිබෙනවා. ඒ වගේම තමයි, මගේ මීමුත්තණුවන් වූ මීදෙණිය අදිකාරම්, මගේ සීයා වුණු සී.එල්. වික්‍රමසිංහ ඇතුළු එම යුගයේ සිටි බෙහෝ දෙනෙක් සිංහල ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණේ ඔවුන්ට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයක් ඇති කර ගැනීමට අවශ්‍ය වූ නිසායි. නිදහස ලැබුණු පසු මගේ පියාත් මීට සම්බන්ධ වුණා. එදා අප මේ අයුරින් ක්‍රිඩා සමාජ ඇති කරගත්තා. දෙමළ ජනයා දෙමළ ක්‍රීඩා සමාජ නිර්මාණය කළා. ඒ ජනවාර්ගික ගැටුමක් උදෙසා නොවෙයි. නමුත් විවිධ කණ්ඩායම් මේ තුළින් තමන්ට අනන්‍යතාවයක් ලබා ගැනීමට උත්සාහ කළා. ඒ ආගම හෝ කුලය මත නොවෙයි, භාෂාව සහ සංස්කෘතිය මතයි. මැලේ ජාතිකයින්ට පවා ඔවුන්ගේම ක්‍රීඩා සමාජයක් තිබුණා. ඒ සමඟ සිංහල, දෙමළ, මැලේ, සියලුදෙනාම එක්වුණා වගේම පසු කාලෙක එම සියලුදෙනා එක්ව පොදු අනන්‍යතාවයක් ලබා ගත්තා. සිංහල ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරුන් අතර අප පක්ෂයේ නායකයන් ද කටයුතු කර තිබෙනවා. ඩී.එස්. සේනානායක මැතිතුමා මෙන්ම හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ද එවකට මෙහි සභාපතිවරු ලෙස කටයුතු කළා. එය අපට විශාල ගෞරවයක් බව කිවයුතුයි. පසුව මමත් ඔබගේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වුණා. නමුත් දේශපාලනඥයකු ලෙස මම තීරණය කළා එයින් ඉවත්විය යුතුයි කියලා. අද පවතින දේශපාලනය ඩී.එස්.සේනානායක මැතිතුමාගේ හෝ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ පාලන සමයේ පැවති දේශපාලනය නොවෙයි. දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වළකිනවා නම්, එය අප සියලුදෙනාටම යහපත් තත්ත්වයක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. මොකද දේශපාලනයත්, ක්‍රීඩාවත් එකිනෙකට වෙන් කර තබා ගැනීම ඉතා වැදගත් වගේම කාලෝචිත බව කිවයුතුයි. ක්‍රීඩාවෙන් අප ඈත්ව සිටින බව ඉන් අදහස් වන්නේ නැහැ. අප ඔබගේ අවශ්‍යතා පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙනවා. ඒ වගේම අපේ නායකයන් විසින් පවත්වාගෙන ආ සම්ප්‍රදායන් අප ඉදිරියට ගෙන යා යුතුයි. ඒ නිසා සිංහල ක්‍රීඩා සමාජයට අයත් භූමිය 99 අවුරුදු බදු පදනම මත ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන ලෙස මම ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳවත් මෙහිදී යමක් ප්‍රකාශ කිරීමට මම කැමතියි. අප ශ්‍රී ලංකා ක්‍රිකට් රැක ගත යුතුයි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛයෙකු වනු දැකීම මගේ අපේක්ෂාවයි. මේ වසරේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියනයක මුදලක් වෙන් කර තිබෙන අතර ලබන වසරේ ඊටත් වඩා වැඩි මුදලක් ලබාදීමට කටයුතු කරන බව කිවයුතුයි. එම මුදල් ඔබගේ ක්‍රීඩා සමාජයේ සාමාජිකයෙකු වන සිදත් වෙත්තමුණි මහතා යටතේ වන භාරයකින් පවත්වාගෙන යනු ඇති අතර ග්‍රාමීය පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරමින් ක්‍රිකට් තරග පැවැත්වීමට වගේම ග්‍රාමීය මට්ටමින් හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක් ඇති කිරීමටත් එමඟින් කටයුතු කෙරෙනවා. අප පාසල් 1000-1500 අතර ප්‍රමාණයක ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කළ යුතුයි. එවිට ජාතික කණ්ඩායමට අවශ්‍ය ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් පුළුල් සංචිතයක් නිර්මාණය වෙනවා. ඒ වගේම රට තුළ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට අප පියවර ගෙන තිබෙනවා. මෙම කටයුතුවලදී ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ ක්‍රීඩා සමාජ සතුව මහඟු වගකීමක් පැවරෙනවා. ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවේ ලොව ප්‍රමුඛයෙකු බවට පත් කිරීමට අප සියලුදෙනා එක්ව කටයුතු කරමු කියා ඉල්ලා සිටිමින්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිංහල ක්‍රීඩා සමාජය ලබා දෙන දායකත්වයට ස්තූති කිරීමට ද මා මෙය අවස්ථාවක් කර ගන්නවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සහ සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, සිංහල ක්‍රීඩා සමාජයේ සභාපති ඉඳුනිල් ද සිල්වා, ලේකම් වසන්ත විජේසේකර, භාණ්ඩාගාරික නිලංක පීරිස් යන මහත්වරුන් ඇතුළු විධායක කමිටු සාමාජිකයන්, සිංහල ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරුන්, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයන් ද හිටපු එංගලන්ත ක්‍රිකට් නායක නසාර් හුසේන්, අයිසීසි තරග තීරක රංජන් මඩුගල්ලේ යන මහත්වරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9,552
Previous Post

අභිනව පදවිවලින් පිදුම් ලද පූජ්‍ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනපති සහභාගීත්වයෙන්

Next Post

මෛත්‍රීපාල පාස්කු වින්දිතයින්ගේ වේදනාව දේශපාලනීකරණය කරන්න හදනවා – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

editor ttvnews

editor ttvnews

Next Post
මෛත්‍රීපාල පාස්කු වින්දිතයින්ගේ වේදනාව දේශපාලනීකරණය කරන්න හදනවා – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

මෛත්‍රීපාල පාස්කු වින්දිතයින්ගේ වේදනාව දේශපාලනීකරණය කරන්න හදනවා - මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved