• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා – ජනපති

19 April 2024
in දේශීය, පුවත්
තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ ඊයේ (18) නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති හමුවේදීය.

බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ සාමුහිකත්වය පමණක් බවද කියා සිටියේය.

නුවරඑළිය, හඟුරන්කෙත, මස්කෙළිය, කොත්මලේ සහ වලපනේ ආසන නියෝජනය කරමින් යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ කිහිපයක තරුණ දේශපලන නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කටයුතු ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

නුවරඑළිය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අද ඇතැමුන් අකුල් හෙළමින් සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා එම සංවර්ධන වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය හිමි වන්නේ නම් එය මෙරට ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කළ හැකි බවද පෙන්වා දුන්නේය.

පැරණි දේශපාලනයේ නිරතව රට සංවර්ධනය කළ නොහැකි බවත්, රටට අවශ්‍ය ආයෝජන ආකර්ශනය කර ගනිමින් රට සංවර්ධනය කිරීමට නම් සියලුදෙනා එකඟතාවයකින් කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රජයේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ රට තුළ ඇතිවී තිබෙන ආර්ථික ස්ථාවරත්වය නිසා ජනතාව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද චාරිත්‍රවලට මුල් තැන දෙමින් සතුටින් සැමරු බව ද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සියලු ක්ෂේත්‍රවල සිදුව තිබෙන පිබිදීම සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ යමින් තිබෙන බවත්, රටේ සියලු ජනතාවට මෙම ප්‍රතිලාභය හිමි කර දීම තම අරමුණ බවත් පැවසීය.

තරුණ දේශපාලනඥයන් ලෙස තමන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මෙහිදී ඔව්හු ජනාධිපතිවරයා දැනුවත් කළ අතර රටේ සංවර්ධන වැඩපිළිවෙළට අදාළ සිය යෝජනා ද ඉදිරිපත් කළහ.

තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රාදේශීය තරුණ කේන්ද්‍ර පිහිටුවීමට සැළසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ප්‍රාදේශීය තරුණ කේන්ද්‍ර හරහා තරුණ ව්‍යවසායකයන් නගාසිටුවීමට කටයුතු කරන බවත්, බැංකු ශාඛාවල ප්‍රධාන නිලධාරීන් සහ වාණිජ මණ්ඩල සාමාජිකයන් ද ඊට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවත් කියා සිටියේය.

සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අපේක්ෂක අශෝක හේරත් මහතා, ්හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කේ. පියදාස මහතා සහ නුවරඑළිය මහා නගර සභාවේ හිටපු නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුළු හිටපු නාගරික මන්ත්‍රීවරු සහ ප්‍රාදේශීය තරුණ දේශපාලනඥයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9,592
Previous Post

වර්තමාන ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුව වගේම දූෂිතයි – මන්ත්‍රී එස්.එම් මරික්කාර්

Next Post

ශ්‍රී ලාංකික දෘශ්‍ය කලාවේ විශිෂ්ටත්වය කරළියට ගෙන ආ ‘කලා පොළ 2024’

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලාංකික දෘශ්‍ය කලාවේ විශිෂ්ටත්වය කරළියට ගෙන ආ ‘කලා පොළ 2024’

ශ්‍රී ලාංකික දෘශ්‍ය කලාවේ විශිෂ්ටත්වය කරළියට ගෙන ආ ‘කලා පොළ 2024’

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved