• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ආරම්භ කිරීමට පියවර  

27 April 2024
in දේශීය, පුවත්, සංවර්ධන
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ආරම්භ කිරීමට පියවර  
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි  වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

නව තාක්ෂණය යොදාගනිමින් අපනයනය ඉළක්ක කර ගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාව හුරු කරවීම සඳහා රජය විසින් ආරම්භ කර ඇති වැඩ පිළිවෙළ යටතේ මෙම ස්ට්‍රොබෙරි ආදර්ශ වගා ගම්මානය ආරම්භ කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය.
ඒ අනුව මෙම ස්ට්‍රොබෙරි වගාව ආරම්භ කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.
මෙම වැඩපිළිවෙළ යටතේ නුවරඑළියේ ගොවීන් 40 දෙනෙක් තෝරා ගෙන ඇති අතර එම ගොවීන්ට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, වගාවට අවශ්‍ය ස්ට්‍රොබෙරි පැළ මෙන්ම වගාව සඳහා අවශ්‍ය නව තාක්ෂණය සහ ජලසම්පාදන කටයුතු  ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින්  සැපයීමට කටයුතු යොදා තිබේ.
විශේෂයෙන් මෙම වගාව සඳහා  එක් ගොවියෙකුට රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් වැය වන අතර ඉන්  රුපියල් 750,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දීමට කටයුතු යොදා තිබේ.  ඉතිරි ලක්ෂ 06ක මුදල අදාල වගාවෙහි නියුතු ගොවීන් විසින් දරනු ලබයි.
මේ යටතේ මෙම ගොවීන් 40 දෙනාට ස්ට්‍රොබෙරි වගා කිරීම සඳහා රුපියල් මිලියන 30ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සපයනු ලබයි.
නුවරඑළියේ ආරක්ෂිත ගෘහ තුළ මෙම ස්ට්‍රොබෙරි වගාව සිදු කරන අතර ආරක්ෂිත ගෘහ 40ක් මේ වනවිට සකස් කර ඇත. මෙම ආරක්ෂිත ගෘහ සියල්ලම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව (Automated)  දුරස්ථ පාලන යෙදවුමක් මගින් ක්‍රියාත්මක කළ හැකිය.
මෙම වගාව සඳහා අවශ්‍ය ස්ට්‍රොබෙරි පැළ මෙම මස අවසන් වීමට ප්‍රථම මෙරටට ආනයනය කිරීමට කටයුතු යොදා තිබේ. එක් ආරක්ෂිත ගෘහයක් තුළ දළ වශයෙන් ස්ට්‍රොබෙරි  පැළ 300ට වැඩි ප්‍රමාණයක් වගා කරනු ලබයි. එම පැළ මෙරටට ලැබුනු විගස වගාව ආරම්භ කිරීමට පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම්. ඒ. එල් අබේරත්න මහතා  පවසයි.
මෙම ස්ට්‍රොබෙරි වගාව දේශීය වශයෙන් මෙන්ම අපනයනය ද ඉළක්ක කරමින් වගා කිරීමට නියමිත අතර ගොවීන්ගෙන් අස්වැන්න මිල දී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් සංවිධානය කර ඇත.
මේ සම්බන්ධව අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්මාන්තයට තරුණ ප්‍රජාව ආකර්ශණය කර ගැනීමේ අරමුණින් ආරම්භ කළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ පිළිවෙළ යටතේ මෙම පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය ආරම්භ කරන බවත්, විශේෂයෙන් නව තාක්ෂණය යොදා ගනිමින් ඉහළ අස්වැන්නක් හා ආදායමක් උපයා ගැනීමට මෙන්ම රටට අවශ්‍ය ඩොලර් ඉපයීමත් මෙම වැඩ පිළිවෙළේ අරමුණ විය යුතු බව ද සදහන් කළේය.
Post Views: 9,682
Previous Post

ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකර්ම උප ලේකම්වරිය ජනපති හමු වෙයි

Next Post

රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි – ජනපති

රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved