• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතු ජනතාවගේ ගැටළු මා කිසිවිටෙකත් අමතක කර නැහැ – ජනපති

1 May 2024
in දේශීය, පුවත්
වතු ජනතාවගේ ගැටළු මා කිසිවිටෙකත් අමතක කර නැහැ – ජනපති
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වතුකරයේ ජනතාවගේ ගැටළු තමා කිසිවිටෙකත් අමතක කර නොමැති බවත්, ජනාධිපතිවරයා ලෙස තමා යටතේ ඉදිරියේදී ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන බවත් වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අද (01) පෙරවරුවේ කොටගල මහජන ක්‍රීඩාංගණයේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළිය අමතමිනි.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා ඊට එක්වූ අතර ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයාව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබීය.

මැයි දින රැළිය අමතා තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ” අප සියලුදෙනා පසුකළේ ඉතා අසීරු කාලයක්. එහිදී වැඩි වශයෙන් දුක් වින්දේ වතුකරයේ ජනතාව බව අප දන්නවා. නමුත් ඔවුන් දුෂ්කරතා හමුවේ වුවද තේ අස්වැන්නෙන් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමට දායකත්වය ලබා දුන්නා. තේ අපනයනයෙන් අපට 2023 වසරේ වගේම 2024 වසරේද විදේශ විනිමය ලැබුණා. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස මම ඔබට ස්තූතිවන්ත වෙනවා. රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හැකි වූයේ ඔබේ දහඩිය මහන්සියෙන් බව පැවසිය යුතුයි.මෙහි සිටින කිසිවෙකුට නැවත 2022 දී රට පැවති තත්ත්වයට යාමට අවශ්‍යයි කියා මම සිතන්නේ නැහැ. අපි කිසිවෙක් ඊට සූදානම් නැහැ. අපි ඉතා දුක්ඛිත තත්ත්වයක් පසු කළා. දැන් මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇති වෙමින් තිබෙනවා. රුපියල ශක්තිමත් වී තිබෙනවා. දැන් සියලුදෙනාට සහන සැලසීමට අප කටයුතු කරනවා. අප රජයේ සේවකයන් වෙනුවෙන් රුපියල් දස දහසක වැටුප් වැඩි කිරීමක් සිදු කළා. ඒ වගේම අස්වැසුම මගින් ලබාදෙන ප්‍රතිපාදන ඉහළ නංවා තිබෙනවා. ඒ සමගම පුද්ගලික අංශය ද වැටුප් වැඩිකිරීම් සිදු කර තිබෙනවා. සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම නිසා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම වතුකම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට අප කටයුතු කරනවා. වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න අප අමතක කර නැහැ. මෙම ලයින් කාමර තිබෙන ස්ථාන නීතියෙන් ගම්මාන ලෙස හඳුන්වා දීමට මම සහ අගමැතිතුමා සාකච්ඡා කර තිබෙනවා. එවිට මෙම ස්ථානවලට ගම්මානවලට ඇති පහසුකම් ලැබෙනවා. ජීවන් තොණ්ඩමන් ඇමතිතුමා සමඟ එම කටයුතු ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඔවුන්ට විද්‍යා විෂයයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු බඳවා ගැනීමට අප කටයුතු කරනවා. මම අගමැතිව සිටියදී වතුකරයේ පාසල් ගණනාවක විද්‍යාගාර ආරම්භ කිරීමට කටයුතු කළා. එම ඇතැම් පාසල්වල පවතින ගුරු හිඟය සම්පූර්ණ කර ඒවා දියුණු කිරීමට ද කටයුතු කරනවා. ඒ වගේම වතුකරයේ වෘත්තිය අධ්‍යාපනය දියුණු කිරීමට ද අපි පියවර ගෙන තිබෙනවා. අපි රජයක් ලෙස කිසිවිටෙක වතු කම්කරු ජනතාව අමතක කර නැහැ. එම ජනතාවගේ සියලු ගැටළු පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා ජනාධිපති ලෙස මා යටතේ වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන බව ප්‍රකාශ කිරිමට කැමතියි. 1982 වසරේ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ ඉල්ලීම අනුව වතු පාසල් දියුණු කිරීමේ වගකීම එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා විසින් භාරගත්තා. ඉන්පසුව 1986 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පුරවැසිකම නොමැති පිරිසට පුරවැසිකම ලබාදෙන ලෙස ප්‍රකාශකළ විට ඒ සඳහා ද මම සහයෝගය ලබා දුන්නා. 2003 ආරුමුගන් තොණ්ඩමන් මහතා සමඟ ඉන්දියාවේ පුවරසිභාවය තිබෙන නමුත් ලංකාවේ සිට ඉන්දියාවට යාමට අකමැති වු පිරිසට පුරවැසිභාවය ලබා දුන්නා. දැන් ඒ ප්‍රශ්න සියල්ලම විසඳි තිබෙනවා. දැන් තිබෙන්නේ මේ ප්‍රදේශ දියුණු කිරීමයි. ඒ වෙනුවෙන් තමයි වැටුප් වැඩි කිරීම් සිදු කරමින් මෙම ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අප කටයුතු කරන්නේ. ඒ වගේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ගමට පමණක් නොව වතුකරයටත් ගෙන එන බව ද මම ප්‍රකාශ කිරීමට කැමතියි යැයි ජනාධීපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන්, ජාතික සංවිධායක ඒ.පී. ශක්තිවේල්, උප සභාපති ගණපති කනගරාජ්, උප සභාපති අනුසුයා සිවරාජා, වැවිලි මානව සංවර්ධන අරමුදලේ සභාපති භාරත් අරුල්සාමි යන මහත්ම මහත්මීන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු සහ පාක්ෂිකයන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9,503
Previous Post

නීති විරෝධී මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1229 ක් කල්පිටියේදී නීතියේ රැහැනට

Next Post

අපි වචනයේ පරිසමාප්ත අර්ථයේම අංක එක බව විපක්ෂනායක සජිත් කියයි

editor ttvnews

editor ttvnews

Next Post
අපි වචනයේ පරිසමාප්ත අර්ථයේම අංක එක බව විපක්ෂනායක සජිත් කියයි

අපි වචනයේ පරිසමාප්ත අර්ථයේම අංක එක බව විපක්ෂනායක සජිත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved