ආර්ථ සාධක අරමුදල සම්පූර්ණයෙන් වෙනස් කර අවිධිමත් ආකාරයට වැටුප් ලබන පිරිස වෙනුවෙන් සහ විධිමත් ආකාරයට වැටුප් ලබන පිරිස වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (03) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ‘‘රටේ විදිමත් වැටුප් ලබන්නේ සියයට 40 යි. සියයට 60 ක් වැටුප් ලබන්නේ අවිදිමත් ආකාරයට. ඒ නිසා රටේ සිටින සෑම කම්කරුවෙක්ම කම්කරු ප්‍රතිපත්තිය යටතට ගෙනල්ලා ඔවුන් සියලු දෙනාට සාධාරණය ඉෂ්ට කළ යුතුයි. අයිතිවාසිකම් ලබාගැනීමට නොහැකි වැඩ කරන ජනතාව වෙනුවෙන් කතා කරන්න ආණ්ඩුව නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම ආර්ථ සාධක අරමුදල සම්පූර්ණයෙන් වෙනස් කරලා අවිධිමත් ආකාරයට වැටුප් ලබන පිරිස විධිමත් ආකාරයට වැටුප් ලබන ක්‍රමවේදයක් සකස් කරන්න සමගි ජනබලවේග ආණ්ඩුවකින් සිදුකරන්න බලාපොරොත්තු වෙනවා. අවිධිමත් ආකාරයට වැටුප් ලබන පිරිස වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙක් ඇති කරන්නත් , ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් විධිමත් වැඩසටහනක් , හදිසි අවශ්‍යතා සඳහා වැඩසටහනක් , සිවිල් අයිතීන් ආරක්ෂා කිරිමේ වැඩසටහනක් ඇති කරන්න සමගි ජනබලවේග ආණ්ඩුවකින් කටයුතු කරනවා. නමුත් තවම වැඩකරන ජනතාව ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙලක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරලා නෑ. අර්ථ සාධක අරමුදලට පොල්ල තියපු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තිබෙනවා. අර්ථ සාධක අරමුදලට පොල්ල තියපු නිසා අර්ථ සාධකය නොලැබුණ විශාල පිරිසක් සිටිනවා. දැන් ආණ්ඩුව මුදලක් දෙනවා ප්රතිලාභ තිබෙන වැඩසටහනක් නිර්මාණය කරන්න කියලා. අර්ථ සාධක අරමුදලට පොල්ල තියපු ආයතන සහ නිලධාරින්ට දඩුවම් දෙන වැඩපිළිවෙලක් සකස් කරන්නේ නැතිව එම ක්‍රියාදාමය ඒ ආකාරයෙන්ම යන්න සලස්වලා මේ අයට ආණ්ඩුවෙන් සල්ලි පොම්ප කරනවානම් මොකක්ද රටේ තිබෙන ක්‍රමවේදය යැයි මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා වැඩිදුරටත් කියා සිටියේය.