නීති විරෝධී මාර්ග හරහා රුසියා – යුක්රේන යුද්ධය සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සාමාජිකයින් යෙදවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධව තොරතුරු ලබාගැනීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ අංශයක් පිහිටුවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, මේ වනවිට විවිධ මාර්ග ඔස්සේ රුසියා – යුක්රේන යුද්ධය සඳහා පිටත්ව ගොස් ඇති ත්‍රිවිධ හමුදා විශ්‍රාමික හමුදා සාමාජිකයින්, ඔවුන් ගිය දිනයන්, ඒ සඳහා සම්බන්ධීකරණය කරන ලද පුද්ගලයින්, ආයතන සහ දුරකථන අංක ඇතුළු අදාල සියලු තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ දුරකථන අංක 0112441146 වෙත කඩිනමින් ලබා දෙන ලෙස ආරක්ෂක ලේකම් අදාල අයගේ පවුල්වල සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටී.
තවද, මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් හෝ ඊට අනුබල දෙන පුද්ගලයින් හෝ වෙනත් අයවළුන් සම්බන්ධ තොරතුරු තිබේනම් එම විස්තර ද ඉහත දුරකථන අංකය වෙත ලබා දෙන මෙන් ආරක්ෂක ලේකම්වරයා විසින් මහජනතාව වෙත දන්වා සිටිනු ලැබේ.
මෙය හුදෙක් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා ඉටු කරනු ලබන කටයුත්තක් බැවින්, මේ සඳහා විශේෂ අවධානය යොමුකර තොරතුරු ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.
Special unit established to gather information on Sri Lankan citizens being deployed in the Russia-Ukraine war
The Ministry of Defence has announced the establishment of a special unit to gather information on the human trafficking of retired Sri Lankan military personnel to the Russia-Ukraine war through illegal channels.
Accordingly, the Defence Secretary requests the family members of the concerned to provide information about retired Sri Lankan military personnel who have joined the Russia-Ukraine war via various routes, including the dates of their departure, persons and institutions that had coordinated their passages, to the following dedicated no: 0112441146.
The Defence Secretary also requests the general public to provide information about individuals involved in human trafficking, those who support it and any relevant information related to the above phone number.
As this is done to safeguard the safety of Sri Lankan citizens, everyone is encouraged to pay special attention and provide information in this regard.