• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම්වලට නීතිමය පියවර ගන්නවා – ඇමැති ජිවන්

14 May 2024
in දේශීය, පුවත්
වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම්වලට නීතිමය පියවර ගන්නවා – ඇමැති ජිවන්

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසයි.

එසේම වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බව මීට පෙර වතු සමාගම් පැවසුවත් රජය රුපියල් 1700ක දෛනික වැටුප නිවේදනය කිරීමත් සමඟ වතු කම්කරු මූලික වැටුප රුපියල් 200කින් ඉහළ දැමීමට වතු සමාගම් ඉදිරිපත් වූ බව සඳහන් කළ අමාත්‍යවරයා ඉන් පෙන්නුම් කරන්නේ වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ හැකියාව සමාගම් සතු බව යැයි ද සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” කාලයක් තිස්සේ යාපනය අර්ධද්වීපයේ පානීය ජල අවශ්‍යතාව සම්බන්ධව බරපතල ගැටළුවක් පවතිනවා. මෙම ගැටළුවට කඩිනමින් විසඳුම් සැපයීමට අවශ්‍යයි. දැනට යාපනය අර්ධද්වීපයේ පිරිසිදු පානීය ජලය සඳහා පහසුකම් ඇත්තේ 11% ක පමණ ප්‍රමාණයකටයි. නමුත් මේ වන විට ඉදි කෙරෙමින් පවතින ලවණ ඉවත් කිරීමේ බලාගාරය විවෘත කිරීමෙන් පසු යාපනය අර්ධද්වීපයෙන් 40% කට ආසන්න ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය ලබා ගත හැකි වනවා. එබැවින් මෙය ඉතා හොඳ ප්‍රවණතාවක් ලෙස සැලකිය හැකියි. පසුගිය සමයේ පැවති දරුණු ආර්ථික අර්බුදයට රටේ සියලුම ජනතාව මුහුණ දුන්නා. එහිදී වඩාත් පීඩාවට පත්වූ ජන කොටසක් ලෙස වතු කම්කරු ජනතාව හඳුන්වා දිය හැකියි. ඔවුන් කාලයක් තිස්සේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිනවා. එහිදී වැටුප් ප්‍රශ්නය මූලිකයි. කාලයක් තිස්සේ සාකච්ඡා කළත් වතු කම්කරු ජනතාවගේ වැටුප් ප්‍රශ්නයට විසඳුමක් ලැබුනේ නැහැ. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය වතු කම්කරු ජනතාව සඳහා රුපියල් 1700ක දෛනික වැටුපක් ගැසට් කළා. දැන් එම ගැසට් නිවේදනයට අනුව වතු සමාගම් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට අප සූදානම් බව ද මෙහිදී අවධාරණය කළ යුතුයි. වතු සමාගම් මීට ඉහත සඳහන් කළේ වතු කම්කරු ජනතාවගේ මූලික වැටුප රුපියලකින් හෝ ඉහළ දැමීමට නොහැකි බවයි. නමුත් රජය වතු කම්කරු ප්‍රජාවගේ දෛනික වැටුප රුපියල් 1700ක් ලෙස ගැසට් නිවේදනය නිකුත් කිරීමත් සමඟ වතු කම්කරු ප්‍රජාවගේ මූලික වැටුප රුපියල් 200කින් ඉහළ දැමීමට වතු සමාගම් ඉදිරිපත් වුණා. එයින් පෙන්නුම් කරන්නේ වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් ඉහළ දැමීමේ හැකියාව සමාගම් සතුව තිබූ බවයි. මේ ආකාරයට රජය එක් පසෙකින් වතු කම්කරු ප්‍රජාවගේ නිවාස ගැටළුව විසඳමින්, අධ්‍යාපන ඇතුළු අනෙකුත් අවස්ථා පුළුල් කරමින් අප ප්‍රජාවගේ ජන ජීවිතය ඉහළ දැමීමට කටයුතු කරන අතර අනෙක් පසින් වැටුප් ද වැඩිකර තිබෙනවා. ඒ අනුව පැහැදිලි සේවාවක් අපේ ජනතාවට ඉටුකර තිබෙනවා. නමුත් මැතිවරණ සමය ළඟාවන විට ඇතැම් පක්ෂ අප ජනතාවට විවිධ පොරොන්දු ලබාදෙනවා. වතු ජනතාව කුඩා වතු හිමියන් කරන බවට ඇතැමුන් පවසනවා. නමුත් එම කටයුත්ත සිදුකරන යාන්ත්‍රණය කුමක් ද කියා ඔවුන් පවසන්නේ නැහැ යැයි අමාත්‍ය ජිවන් තොන්ඩමන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11,092
Previous Post

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම්, ජාතික ජන බලවේගයේ නියෝජිතයින් හමුවෙයි

Next Post

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිටත්වන අපේ කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

editor ttvnews

editor ttvnews

Next Post
පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිටත්වන අපේ කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිටත්වන අපේ කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved