• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා විශේෂ ව්‍යාපෘති 07ක් – ඇමති ප්‍රසන්න

15 May 2024
in දේශීය, පුවත්
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

එහීදී ප්‍රමුඛතාවය හදුනාගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසද හෙතෙම කියා සිටියේය.

මේ අතර ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ හා ඒ අවට ප්‍රදේශවල ගංවතුර අවම කිරීම සදහා විශේෂ ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කරයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතිය අදියර 03ක් යටතේ ක්‍රියාත්මක බවයි. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ව්‍යාපෘති ලෙස මෙම වැඩ සටහන ක්‍රියාත්මක වෙයි.

කොළඹින් පිට ජලාප්‍රවාහන කටයුතු වැඩිදියුණු කිරීම හා නාගරික භූමි අලංකරණ ව්‍යාපෘතිය, පැලන්ගස්තුඩුවේ පොම්පාගාර ව්‍යපෘතිය වැසි ජල පොම්පාගාර ගංවතුර දොරටු ඇතුලු ගංවතුර පාලන පහසුකම් ක්‍රියාතක්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, ඒකාබද්ධ ගංවතුර කළමණාකරණ පද්ධති සහ ත්‍යතයකාලීන පාලන දත්ත ම්‍යධස්ථාන සදහා ස්ථාපිත පහසුකම් ක්‍රියාත්මක කිරීමේ හා නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය, පිලියන්දල ප්‍රධාන සංවර්ධන සැලැස්මේ ජලාප්‍රවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්ලිමේන්තුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙල එම ව්‍ය්‍යාපෘති 07යි.

ඉන් ව්‍යාපෘති 02ක් මේ වසරේ දී අවසන් කිරීමට අපේක්ෂිතයි. පිලියන්දල ප්‍රධාන සංවර්ධන සැලැස්මේ ජලාප්‍රවාහන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ පාර්ලිමේන්තුවේ ඉහළ ජල පෝෂක ප්‍රදේශය වන බත්තරමුල්ල ජල පෝෂක ප්‍රදේශයේ ජලාප්‍රවාහන හා පාරිසරික වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙල. මෙම ව්‍යාපෘති සදහා වැය කරන මුදල රුපියල් මිලියන 203කි. මීට අමතරව පෑලියගොඩ දැනට පවතින පොම්පාගාරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය ද මේ වසරේ අවසන් කරන බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

ගංවතුර උවදුරුවලට ගොදුරු විමේ අවධානම අඩු කිරීමේ අරමුණින් මාදිවෙල දකුණු හැරවුම් ව්‍යාපෘතිය 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මකයි. කලු පාලමේ යෝජිත Gate Mounted Pumps ස්ථාපනය කිරීම නිර්මාණ කටයුතු ව්‍යාපෘතිය 2021වර්ෂයේ සිට ක්‍රියාත්මක වන අතර මෙම ව්‍යාපෘති 2ම මෙම වසර අවසානයේ අවසන් කිරීමට නියමිතය. මේ සදහා පිළිවෙලින් රුපියල් ලක්ෂ 10ක් සහ රුපියල් ලක්ෂ 90ක් වැය වී තිබේ.

මෙම ව්‍යාපෘති වලට සමගාමීව ගංවතුර අවම කිරීමේ අරමුණින් කොළඹ ඇළ මාර්ග නඩත්තු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම ද සිදු කරමින් පවතී. ජපන් ජබර, සැල්වීනියා, ආක්‍රමණික ශාක බැවින් ඇළ මාර්ගයන්හි වැවී ඇති මෙම ශාක ඉවත් කර, නාගරික පොලිතීන් හා ඝන අපද්‍රව්‍ය ඉවත් කර ඇළ මාර්ග පිරිසිදු කිරීම මිනිස් ශ්‍රමය සහ යන්ත්‍රෝපකරණ උපයෝගී කර ගනිමින් සිදු කරනු ලබයි. මෙම කාර්යය වාර්ෂිකව සිදු කිරීමට සිදුවන බැවින් මෙම ව්‍යාපෘතිය වාර්ෂික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක බවද ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ ප්‍රධාන ඇල මාර්ග හා වැටි නඩත්තු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපාතියක්ද ක්‍රියාත්මක කරයි. ඒ අනුව කොළඹ ප්‍රධාන ඇල මාර්ග කිලෝ මීටර් 44ක් නඩත්තු කිරීමද සිදු කරන්නේ මෙම ආයතනයයි. මෙම ව්‍යාපෘතිය සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 295කි.

ඒ අනුව කලු ඔය ද්‍රෝනි ඇල මාර්ග නඩත්තු කිරීම, ඇල මාර්ගයට යාබද ඇල ඉවුරු සංරක්ෂණය, නව ඉවුරු සැකසීම, ලූනාව ඇල මාර්ගය නඩත්තු කිරීම, ලූනාව කලපුව, පැරණි ඕලන්ද ඇල හා ඒ සම්බන්ධිත ජල රැදවුම් නඩත්තු කිරීම මේ යටතේ සිදු වේ.

ප්‍රදීප් අනුර කුමාර

Post Views: 13,004
Previous Post

මහරගම අපේක්ෂා රෝහලේ 2030 වසර දක්වා වූ යෝජිත සංවර්ධන සැළසුම් පිළිබද විශේෂ සාකච්ඡාවක්

Next Post

මෙරට නිෂ්පාදිත තනි සුපිරි පොහොර ඉදිරි මහ කන්නයේ සිට මෙරට වගාවට

editor ttvnews

editor ttvnews

Next Post
මෙරට නිෂ්පාදිත තනි සුපිරි පොහොර ඉදිරි මහ කන්නයේ සිට මෙරට වගාවට

මෙරට නිෂ්පාදිත තනි සුපිරි පොහොර ඉදිරි මහ කන්නයේ සිට මෙරට වගාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
නැවතත් කාලගුණයෙන් බාධා

නැවතත් කාලගුණයෙන් බාධා

9 June 2025
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

පොලීසියේ ලොකු පුටු මාරු වෙයි

9 June 2025
කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

කඩදාසි කම්හල ලාභ ලබමින් පවතිනවා – කර්මාන්ත අමාත්‍ය

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved