• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලාංකිකයන් ගැන සොයන්න විශේෂිත දූත පිරිසක් රුසියාවට යැවීමට පියවර ගන්නවා – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක 

16 May 2024
in දේශීය, පුවත්
ජනපතිගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් එල්ල වන විවේචන පදනම් විරහිතයි – රාජ්‍ය අමාත්‍ය තාරක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් කඩිනමින් රුසියාව බලා පිටත් කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “ මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව සංගණනයක් සිදු කරමින් සිටිනවා. ඇතැම් ලාංකිකයන් රුසියාවට යවා තිබෙන්නේ සංචාරක වීසා මඟින් බව ද මේ වන විට හෙළිවී තිබෙනවා. එසේම ඒ අතරින් විශාල පිරිසක් මෙරට ත්‍රිවිධ හමුදා නියෝජනය කළ විශ්‍රාමික හමුදා සාමාජිකයන් වනවා. මෙහිදී අපට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ කොපමණ ප්‍රමාණයක් රුසියාවට ගොස් සිටිනවාද යන්නයි. නිල නොවන ආරංචි මාර්ගවලට අනුව 600-800ක අතර ප්‍රමාණයක් රුසියාවේ සිටින බවට වාර්තා වී තිබෙනවා. ඇතැම් විට එම ප්‍රමාණය මීට වඩා අඩු හෝ වැඩි විය හැකියි.  කෙසේ වෙතත් රජයක් වශයෙන් රුසියාවේ සිටින මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් සම්බන්ධව ගත යුතු සෑම පියවරක්ම මේ වන විට ගෙන තිබෙන බව සඳහන් කළ යුතුයි. මෙහිදී රුසියාවේ යුද්ධයට මැදි වී සිටින පිරිස් සම්බන්ධව දැනුම්වත් කිරීම ගැන මාධ්‍ය ආයතන වෙත විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම පිරිස් රුසියාවේ රැඳී සිටින ප්‍රදේශ පිළිබඳවත් නිශ්චිත තොරතුරු වාර්තා නොවීමත් අපට බරපතල ගැටලුවක් වී තිබෙනවා. අපට දැන ගන්නට තිබෙන තොරතුරුවලට අනුව ජාවාරම්කරුවන් ‘‘රුසියානු පුරවැසිභාවය ලබාදීම’’ වැනි බොරු පොරොන්දු ඇතුළත් ප්‍රචාර හරහා මේ පිරිස් රුසියාවට ගෙන්වා ගෙන තිබෙනවා. සම්පූර්ණයෙන්ම මෙය මිනිස් ජාවාරමක්. මේ ජාවාරමට ඉහළ හමුදා නිලධාරියෙක් සම්බන්ධ බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා. පළමුවෙන්ම ඇත්ත තත්ත්වය පෙන්වා දී තවදුරටත් රුසියාවට පිරිස් යැවීම නතර කළ යුතුයි. ඉන් අනතුරුව එහි ගොස් සිටින පිරිස් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර, යළි මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් රජයක් වශයෙන් අප උපරිම උත්සාහ දරනවා.  විදේශ කටයුතු අමාත්‍යවරයා විදෙස්ගතව සිටියත් රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දූත පිරිසක් කඩිමින් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් දූත පිරිසක් රුසියාවට යැවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සම්බන්ධව රුසියානු තානාපති කාර්යාලය නිල වශයෙන් දැනුවත් කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා යැයි  රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 16,482
Previous Post

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස චූලානන්ද පත් කරයි

Next Post

රනිල් මහින්දට අවමානයක් කල බව මන්ත්‍රී ඩලස් කියයි

editor ttvnews

editor ttvnews

Next Post
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරුවා කුට්ටමේ කොළයක් බවට පත් වෙනවා – මන්ත්‍රී ඩලස්

රනිල් මහින්දට අවමානයක් කල බව මන්ත්‍රී ඩලස් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා ඉවත් වන්න – ට්‍රම්ප්

17 June 2025
දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාවය ඉහළ නංවමින් සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා –  හරිනි අමරසූරිය

17 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

කුරුණෑගල නගරාධිපති – නීතිඥ ආනන්ද සහබන්දු

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved