• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හම්බන්තොට රැස්වීමට අමරවීගේ පාක්ෂිකයෝ 15000 ක් එනවාලු !

23 May 2024
in දේශීය, පුවත්
පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා – ඇමැති මහින්ද
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව සන්ධානයේ මූලිකත්වයෙන් ලබන 8 වැනිදා හම්බන්තොට දී පවත්වන පලමු මැතිවරණ ප්‍රචාරක රැලිය සඳහා මහින්ද අමරවීරගේ පාක්ෂිකයෝ 15000 කට අධික ජනතාවක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් නව සන්ධානයේ මූලිකත්වයෙන් ලබන 8 වැනිදා හම්බන්තොට දී පවත්වන පලමු මැතිවරණ ප්‍රචාරක රැලිය පිලිබදව මූලික වටයේ සාකච්ඡාවක් බදාදා පස්වරුවේ පාර්ලිමේන්තුවේ පිහිටි නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයාගේ කාමරයේදී පැවැත්විණි.

මේ අවස්ථාවට නිමල් සිරිපාල,මහින්ද අමරවීර,නලින් ප්‍රනාන්දු,ලසන්ත අලගියවන්න,ජගත් පුශ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා,නිමල් ලන්සා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙම රැලිය සදහා 15000 කට අධික ජනතාවක් සහභාගී වීමට නියමිත බවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එම ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීම ගැනද අමරවීර ඇමතිවරයා මෙහිදී දීර්ඝ පැහැදිලි කිරීමක් කලේය.

“ඔබතුමාල කවුරුත් පාක්ශිකයින් එක්ක එන්න එපා.මේකට එන්නෙ හම්බන්තොට මගේ පාක්ශිකයියෝ විතරමයි”අමරවීර ඇමතිවරයා කීවේ තරමක් උස් හඩකිනි.

“එහෙනම් ඉතින් අපට තියෙන්නෙ ඇවිත් සහභාගී වෙන්න විතරයිනෙ”අනුර යාපා කිවේ සිනාසෙමිනි.

” දැන් රැලිය තියන තැන ගැන තීරණයක් අරගෙනද තියෙන්නෙ” නලින් ප්‍රනාන්දු විමසීය

“කොහෙ තිබ්බත් අපි මේක තියන්නෙ එක්කො සජබෙ තිබ්බ තැනක් නැත්තන් මාලිමාව තිබ්බ තැනක්, එතකොට බලන්න පුලුවන් කාටද වැඩිම සෙනග කියල” නිමල් සිරිපාල ,අමරවීර දෙස බලමින් කීවේය

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කල මැතිවරණ මෙහෙයුම් කමිටුව සදහා බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා සහ ඔහුගේ නියෝජිතයින් පැමිණෙන්නේ නම් නව සන්ධානයේ කිසිදු නියෝජිතයෙකු ඊට සහභාගී නොවීමට පසුගිය සතියේ සිට තීරණය කර තිබූ අතර අනතුරුව පැවති සාකච්ඡා වට දෙකක්ම නව සන්ධානය වර්ජනය කලේය.ඒ පිලිබදවද මෙහිදී කතාබහක් ඇතිවිය.නව සන්ධානයේ සිටින්නේ රාජපක්ෂ විරෝධී පිරිසකි.ඔවුන් එම විරෝධය නිසා ඉන් ඉවත් වූයේ යලි කිසිදා ඔවුන් සමග සිට ගැනීමට නොවේ.

එම නිසා මෙම විරෝධය ඉදිරියටද එලෙසින්ම ක්‍රියාත්මක වේ

එම විරෝධය නිසා ඉවත්ව නව සන්ධානයේ කටයුතු කරන මන්ත්‍රීවරුන් 40 කට ආසන්න පිරිස ඉදිරි ජනාධිපතිවරණ සටනේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්නේ වෙනම කණ්ඩායමක් විදිහට මිස රාජපක්ෂ කදවුර සමග එකට එක්ව නොවේ

” මාධ්‍යයෙන් ඇහුවොත් මේක පැහැදිලි කරන්න නැත්තන් සමාජයට වැරදි මතයක් යන්න පුලුවන්” ලන්සා පිරිස දෙස බලමින් කීවේය

රාජපක්ෂවරුන් වේදිකාගතවන කිසිම රැලියකට නව සන්ධානයට සහාය දෙන කිසිම මන්ත්‍රීවරයෙකු එක් නොවන බවද මෙහිදී සියලු දෙනා එකගතාවයකට පැමිණිමද විශේෂත්වයක්.

සාකච්ඡාව අවසානයේ ශ්‍රීලනිප අර්බුදය ගැනද මන්ත්‍රීවරුන් කතාබහ කලහ.

“දැන් මොකද ,ශ්‍රී ලංකා එකේ අර්බුදයත් ඉක්මනින්ම විසදගන්න වෙයි”නලින් ප්‍රනාන්දු කීවේය

“පක්ශ ව්‍යවස්ථාවේ පැහැදිව තියනව සාමාජිකයකු වෙලා මාස හයක් යනකන් තනතුරකට එන්න බෑ කියල විජේදාස ඇමතිතුමාගේ මාර්තු පාර්ලිමේන්තු පඩියෙනුත් සාමාජික මුදල් කැපිල තියෙන්නෙ පොහොට්ටුවට” ලසන්ත අලගියවන්න කීවේය

” පැහැදිලිවම මේක කරන්නෙ බල තන්හාවට කියල ජනතාව තේරුම් ගනීවි” නිමල් සිරිපාල කීවේ තරමක් කේන්තියෙනි.

ඉතා ඉක්මනින්ම අධිකරණයට කරුණු පැහැදිලි කර මෙම නඩු විසදා ගැනීමට කටයුතු කරන බවද ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මෙහිදී කියා සිටියහ.

 

 

විශේෂ වාර්තාකරු

Post Views: 18,431
Previous Post

මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ පැවති රාජ්‍ය වෙසක් උත්සවයට ජනපති විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතයි

Next Post

තිස්සමහාරාම මුලික රෝහලේ නව ඔක්සිජන් උත්පාදක බලාගාරය විවෘත කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
තිස්සමහාරාම මුලික රෝහලේ නව ඔක්සිජන් උත්පාදක බලාගාරය විවෘත කෙරේ

තිස්සමහාරාම මුලික රෝහලේ නව ඔක්සිජන් උත්පාදක බලාගාරය විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved