• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වතු කම්කරු වැටුපට අදාළ වැටුප් නිවේදනය ස්ථිරයි -ඇමැති මනුෂ

27 May 2024
in දේශීය, පුවත්
ඊශ්‍රායලයේ රැකියා දෙන බවට කියමින් සල්ල ගන්න අය ගැන දැනුවත් කරන්න -ඇමති මනූෂගෙන් ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ තීරණය මීළඟ මාසයේ සිට සියලු වතු හාම්පුතුන් ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ අවම වැටුප ලබා නොදෙන වතු යළි රජයට පවරාගෙන නියමිත පරිදි කටයුතු කරන අයට ඒවා පවරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) දින ඇල්පිටිය තේ වතු කර්මාන්තයේ නියැලෙන්නන් සඳහා දායක වන පිරිස් වෙත වතු කම්කරු වැටුප ඉහළ දැමීම පිළිබඳව දැනුම් දීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

කුඩා තේ වතු හිමියන් මේ වන විටත් නියම කර ඇති අවම වැටුපට වඩා වැඩි මුදලක් ගෙවන බවත්, රජයට අයත්ව තිබී පුද්ගලික අංශයට පවරා ඇති ප්‍රාදේශීය වතු සමාගම්වල මෙම වැටුප් වැඩි කිරීමට අදාල ගැටලුව පවතින බවත් අමාත්‍යවරයා පැවසුවේය.

අවම වැටුප ක්‍රියාත්මක නොකරන වතු සමාගම් මෙලෙස නැවත රජයට පවරාගෙන, නිසි පරිදි ඒවා ක්‍රියාත්මක කළ හැකි අයට ලබාදීම සදහා වන මූලික පනත සකස් කිරීමේ තීරණය ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී ගත් බවත් අමාත්‍යවරයා කීයා සිටියේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “වතු කම්කරු වැටුප සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්, වතු හාම්පුතුන් සමග සාකච්ඡා වට කිහිපයක්, කම්කරු වෘත්තීය සමිති සමග රැස්වීම් වාර කිහිපයක් පවත්වා අවසානයේදී දෙපාර්ශ්වයට එකඟතාවකට එන්න බැරි වූ නිසාම අපි කම්කරු අමාත්‍යාංශය විදිහට අමාත්‍යාංශයට පැවරී ඇති බලතල ප්‍රකාරව වැටුප් පරිපාලක සභාව කැඳෙව්වා. එහිදී පළමු අවස්ථාවේ වතු හාම්පුතුන් එයට නොආ නිසා දෙවැනි සභාව කැඳවන අවස්ථාවෙදි ඔවුන් මෙම සභාවට සහභාගි නොවන බව නිල වශයෙන් දැනුම් දුන්නා. ඒ නිසා එකඟතාවයක් නැති විට ගත හැකි ක්‍රියාමාර්ගයක් විදිහට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත බලය පැවරීම හරහා අවසාන වශයෙන් පරිපාලක සභාවේ අපිට ඇති නීති ප්‍රතිපාදන අනුව ඊටීඑෆ් ඊඑපීඑෆ් සහිත රුපියල් 1350 මූලික වැටුප රුපියල් 350 දීමනාව සමග රුපියල් 1700ක වැටුපක් වන ලෙස අපි යෝජනා කළා. පසුව අප්‍රේල් 30 වැනිදා මැයි 01 වැනිදා උදෑසන වන විට අපි එය ගැසට් කළා. ඒ සඳහා අදාළ පාර්ශ්වයන්ට දින 15ක කාලයක් දුන්නා විරෝධතා ගොනු කිරීමට. නමුත්, කිසිම පාර්ශ්වයකින් මේ සඳහා විධිමත්, පිළිගත හැකි මට්ටමේ යෝජනාවක්, සැලැස්මක් ඉදිරිපත් නොවූ නිසා පසුගිය බ්‍රහස්පතින්දා වැටුප රුපියල් 1350 සහ දීමනාව රුපියල් 350 ලෙසින් එම ගැසට් නිවේදනය නිල වශයෙන් ස්ථිර කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව, රජය සහ කම්කරු ඇමතිවරයා ලෙස අපි කටයුතු කළා. ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී මෙම වැටුප සම්බන්ධයෙන් හාම්පුතුන් සමග කතා කළා. ඔවුන්ගෙන් ඉල්ලීම් කළා. ජනාධිපතිවරයාට උවමනාව තිබුණා මේ තේ කර්මාන්තය නග සිටුවන්න. කොරෝනා කාලයේ මේ රට වැටුන සමයේදී වතු කම්කරුවන් තමන්ගේ බත් වේල, රොටිය, කහට ටික බීගන්න බැරුව විශාල කැපකිරීමක් කළා. ඒ නිසා වතු කම්කරුවන්ට දැනෙන වැටුපක් ලබා දීමට ජනාධිපතිතුමා වතු හාම්පුතුන්ට වරින් වර දැනුවත් කිරීමට යෙදුණා. නමුත්, අවසාන වශයෙන් ඔවුන්ගෙන් සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඒ නිසාම මේ වැටුප ගැන තීන්දුව අපි අරගත්තා. ඒ නිසා ඉදිරියේදී සියලු වතු හාම්පුතුන්ට සිද්ධ වෙනවා මේ අවම මූලික වැටුප ගෙවන්න.

විශේෂයෙන් අප මතක් කරන්න ඕන, කුඩා තේවතු හිමියන්, තේ කර්මාන්තශාලා හිමියන් ඉන්නවා, ඒ තැන්වල අවම මූලික වැටුප රුපියල් 1350ට වැඩියෙන් ගෙවනවා. රුපියල් 1700, 2000 ගෙවන අයත් ඉන්නවා. ඒ නිසා මේ ක්‍රමය හරියාකාරව ක්‍රියාත්මක කරන අයට මේ මුදල ප්‍රශ්නයක් නෙවෙයි. ඊටීඑෆ් ඊපීඑෆ් ගෙවන්න ඕන මුදල වෙනදා 1000යි තිබුණේ. හොඳින් වැටුප් ගෙවූ කණ්ඩායම්වලට එය 1350 වීම විතරයි වෙන්නේ. නමුත්, රජයේ වතු පෞද්ගලික අංශයට බදු දීලා තියෙද්දි බදුකරු හැටියට කල් බදු සීමාවේ ඉන්න අය මේ වතුවල තියෙන ගස් ටික කපාගෙන, වෙන ව්‍යාපාර කරනවා. මේ තේ දලු ටිකෙන්, රබර් ටිකෙන් අපේ ශ්‍රමිකයාට නිසි වැටුපක් නොලැබෙන බව අද නොයෙක් තැන්වලින් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසයි මේ වැටුප් වැඩි වීම යෝජනා කරලා තියෙන්නේ. ඒ වගේම ඵලදායීව වැඩි වෙන ආකාරයට එය ගෙවන්න ඉඩකඩ තියෙනවා. ඉදිරියේදී සම්පූර්ණයෙන්ම ඵලදායීතාව වැඩි කරන්නත් ඕන. ඒ සඳහාත් අපි රජයක් හැටියට සහයෝගය දක්වනවා. තමන්ගෙ අකාර්යක්ෂමතාව නිසා, ලාභ නිසියාකාරයෙන් පෙන්වන්නේ නැතුව සැඟවීම් කරමින් සේවකයින්ට ගෙවීම් කරන්නේ නැති වතු පාලකයින් ගැන අවධානය යොමු වෙලා තියෙනවා. සමහරු ආණ්ඩුවේ වතු භාරගෙන, කළමනාකරණය භාර අරගෙන නිසි ලෙස කළමනාකරණය කරගන්න බැරුව ශ්‍රමිකයාට පඩි නොගෙවා ඉන්නව. ජනාධිපතිතුමා ගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී අලුත් තීන්දුවක් ගත්තා මේ ගැන විශේෂ කමිටුවක් පත් කරන්න. යෝජනා කළ වැටුප රටේ ආර්ථික තත්ත්වයට, ජීවන තත්ත්වයට, ප්‍රදේශවල ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ඔවුන්ට විශේෂ අවම වැටුප ගෙවන්නේ නැද්ද, එසේ නම් ඇයි, නොහැකියාව කුමක්ද, ගෙවිය නොහැක්කේ ඔවුන්ගේ අකාර්යක්ෂමතාවය නිසාද කියා මින් බලන්න පුළුවන්. අකාර්යක්ෂම අයගෙන් වතු ටික නැවත පවරගෙන පුළුවන් අයට දෙන්න ඕනි කරන මූලික පනත හදන්න පහුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා. වතු හාම්පුතුන්ට මේ වෙලාවේ කියන්නේ ආණ්ඩුවේ වතු කල් බදු ක්‍රමයට, ආර්ථික වශයෙන් රට අස්ථාවර වූ අවස්ථාවක රට ගොඩනගලා අහිංසක දුප්පත් මිනිස්සුන් ගොඩනැගුණු වෙලාවේ, අමාරුවෙන් තමන්ගේ ජීවිකාව ගෙන ගිය වේලාවේ, තමන්ගේ වැඩි ලාභයම අරමුණු කරගන්නේ නැතිව මේ වෙලාවේ ශ්‍රමිකයාගේ වැටුප ගෙවීම සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කරන්න. තමන්ගේ වතු කරගෙන යන්න අමාරු නම්, ලාභදායී නැත්නම් මේක හරියට කරන්න පුළුවන් අයට වතු භාර දීලා, ආණ්ඩුවට භාර දෙන්න. මෙය කරන්න පුළුවන් පසුබිම හදන්න කියන පණිවිඩය අපි මේ කැබිනට් පත්‍රිකාව හරහා ක්‍රියාත්මක කරන්නේ. මේ කැබිනට් පත්‍රිකාව අනුව මෙතනින් පස්සේ පනත හදලා මූලික පහසුකම් සලසන්නේ නැති, වතු කම්කරුවන් බලාගන්නේ නැති මේ වතු රජයට පවරාගෙන හරියට බලාගන්න පුළුවන් අයට ලබාදෙන්න කටයුතු කරනවා. මේ රට ඉස්සරහට ගෙනියන්න සහයෝගය ජනාධිපතිතුමාට සියලු දෙනාගෙන් ඉල්ලා ඇති වෙලාවේ මේ රට තමන්ගේ අධික ලාභ ලැබීම් පරමාර්ථ පැත්තකට දාලා මේ වෙලාවේ සහයෝගය ලබා දෙන්න ඕන. මොකද රට වැටෙන්න තියෙන පහළම තැනටම වැටිලා දැන් ගොඩනැගිලා තියෙන්නේ. දැන් තියෙන්නේ රට ඉස්සරහට ගමන් කරන්න. එහිදී පාට පක්ෂ ජාති කුල මල ආගම් භේදයකින් තොරව සහයෝගය සියලු දෙනාගෙන්ම අපි බලාපොරොත්තු වෙනවා.
මේ රට ඉතා වාසනාවන්ත රටක් වන්නේ බිමටම වැටුණත් රට වැටුන වෙලාවේ ගොඩගන්න පුළුවන් නායකයා හැටියට සියලු දෙනා එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට භාර දුන්න. එතුම ඒ නිශ්චිත තැනට මේ රට ගෙනාවා. ඒකයි අපි කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වී එයිත් නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා. එතුමා පරදින්න තරම් මේ රට අවසනාවන්ත නෑ. මේ කෙරීගෙන යන සංවර්ධන කටයුත්ත ඉස්සරහට ගෙනියන්න. මේ නැගීම ඉස්සරහට යන්න යන්න යළි නොවැටන රටක් හැටියට රට ශක්තිමත් වෙනව. එතුමා අනිවාර්යයෙන් ජයග්‍රහණය කරනවා. රට නැවත වතාවක් නොවැටෙන, ආයෙත් ඉස්සරහට යන ශක්තියයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති හැටියට පත් වෙලා ඉස්සරහට යන්නේ. අපි තීන්දු කරලා තියෙනවා ඊළඟ මාසේ ඉඳලා වැටුප් ගෙවන්න ඕන. නැත්නම් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන බලය කම්කරු දෙපාර්තමේන්තුවට තියෙනව.” යැයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

Post Views: 19,882
Previous Post

“උරුමය” වැඩසටහන යටතේ වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලට සින්නක්කර ඉඩම් ඔප්පු 5400ක්

Next Post

ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි – මහාචාර්ය ජී.එල්.පීරිස්

editor ttvnews

editor ttvnews

Next Post
නව ජනාධිපති නොවැම්බර් 17 ට පෙර දිවුරුම් දිය යුතුයි – මහාචාර්ය ජී.එල්.පීරිස්

ජනාධිපතිවරණය නියමිත කාලයේදී අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි - මහාචාර්ය ජී.එල්.පීරිස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved