• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘කදුකර දශකයට’ වෙනුවෙන් මිලියන 9410 ක් ම සංවර්ධන ව්‍යාපෘති සදහා දිස්ත්‍රීක් ලේකම්වරුන්ට – ඇමැති ප්‍රසන්න

28 May 2024
in දේශීය, පුවත්
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කදුකර දශකය දශවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සදහා මේ වසරේ වෙන් කර ඇති රුපියල් මිලියන 10,000 ක මුදලින් න් මිලියන 9410 ක් ම සංවර්ධන ව්‍යාපෘති සදහා දිස්ත්‍රීක් ලේකම්වරුන් වෙත මුදාහැර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ යටතේ ක්‍රියාත්මත ව්‍යාපෘති සංඛ්‍යාව 13612 ක්. මෙම ව්‍යාපෘති ජූලි මස 31 වන දිනට පෙර අවසන් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂිතයි. මේ වන විට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් එහි පසු විපරම් කටයුතු සිදු කරනු ලබයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව මෙවර අයවැයෙන් කදුකර දශකය දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන සදහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 10,000 කි.

මහනුවර, මාතලේ, නුවරඑළිය, කලුතර, ගාල්ල, මාතර, බදුල්ල, කුරුණෑගල, රත්නපුර. කෑගල්ල සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ග්‍රාම සේවා නිලධාරී වසම් 97 ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. නිවාස, යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධනය හා ජීවනෝපාය සංවර්ධනය ආදී ක්ෂේත්‍ර 10 ක් යටතේ මේ සදහා ප්‍රතිපාදන වෙන් කර තිබේ.

ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාව, වෙළෙඳපොළ සංවර්ධනය සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති ගණන 1032 ක්. අධ්‍යාපනය සදහා ව්‍යාපෘති 1152 ක් ද පානීය ජල පහසුකම් සදහා ව්‍යාපෘති 676 ක් ද ක්‍රියාත්මකයි. සමස්ත ව්‍යාපෘති අතරින් 8140 ක් වූ වැඩි ම ව්‍යාපෘති ගණනක් ක්‍රියාත්මක වන්නේ ප්‍රවේශ මාර්ග පහසුකම් සංවර්ධනය කිරීමටයි. කෘෂිකර්මාන්තය සහ කුඩා වාරිමාර්ග සංවර්ධනයට ව්‍යාපෘති 780 ක් විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ව්‍යාපෘති 271 ක් දුරකථන සහ අන්තර්ජාල පහසුකම් සංවර්ධනය සදහා ව්‍යාපෘති 13 ක් ද ක්‍රියාත්මකයි. සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සදහා වෙන් කර ඇති ව්‍යාපෘති ගණන 516 කි. පරිසර සංරක්ෂණය සහ ආපදා කළමනාකරණය වෙනුවෙන් ව්‍යාපෘති 88 ක් සහ නිවාස පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් ව්‍යාපෘති 944 ක් ක්‍රියාත්මක බව ඇමතිවරයා කියයි.

කදුකර දශකය දශවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ වැඩිම ව්‍යාපෘති ගණනක් ක්‍රියාත්මක වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේයි. එම ව්‍යාපෘති සංඛ්‍යාව 3146 කි. කෑගල්ල දිස්ත්‍රීක්කයේ ව්‍යාපෘති 2544 ක්, බදුල්ල ව්‍යාපෘති 2208 ක්, රත්නපුර ව්‍යාපෘති 1813 ක්, මාතර ව්‍යාපෘති 1403 ක්, මාතලේ ව්‍යාපෘති 667 ක් වශයෙන් සංවර්ධන වැඩකටයුතු ක්‍රියාත්මකයි. නුවරඑළිය දිස්ත්‍රීක්කය තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 637 ක් වන අතර ගාල්ල දිස්ත්‍රීක්කයේ ව්‍යාපෘති 534 ක්, කුරුණෑගල ව්‍යාපෘති 515 ක් සහ කලුතර දිස්ත්‍රීක්කයේ ව්‍යාපෘති 132 ක් ක්‍රියාත්මක බව ඇමතිවරයා කියයි. අම්පාර දිස්ත්‍රීක්කය තුළ ක්‍රියාත්මක වන්නේ ව්‍යාපෘති 13 කි.

මෙම ව්‍යාපෘතියේ අඩුම සංවර්ධන යෝජනා ක්‍රියාත්මක වන්නේ අම්පාර දිස්ත්‍රීක්කය තුළයි. මෙම ව්‍යාපෘතිය සදහා තෝරා ගත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 150 ට වඩා වැඩි උසින් පිහිටා ඇති කදුකර ප්‍රදේශයි. ඒ යටතේ අම්පාර දිස්ත්‍රීක්කයේ ඊට ඇතුළත් වන්නේ එක් ග්‍රාමසේවා වසමක් පමණක් වීම මෙලෙස අඩුම සංවර්ධන යෝජනා ගණනක් ක්‍රියාත්මක වීමට හේතුවයි.

 

 

අනුර ප්‍රදිප්

Post Views: 18,568
Previous Post

ජනපතිට තව වසර දෙකක් දෙන්න එජාපයෙන් යෝජනාවක්

Next Post

රනිල්ට තව ඉන්න දෙන්න ඕන කියන්නේ මානසික ලෙඩ්ඩු – මන්ත්‍රි ඩලස්

editor ttvnews

editor ttvnews

Next Post
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරුවා කුට්ටමේ කොළයක් බවට පත් වෙනවා – මන්ත්‍රී ඩලස්

රනිල්ට තව ඉන්න දෙන්න ඕන කියන්නේ මානසික ලෙඩ්ඩු - මන්ත්‍රි ඩලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
එජාපයෙන් රජයට ප්‍රශංසා

එජාපයෙන් රජයට ප්‍රශංසා

1 August 2025
රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

1 August 2025

Recent News

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
එජාපයෙන් රජයට ප්‍රශංසා

එජාපයෙන් රජයට ප්‍රශංසා

1 August 2025
රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

රෝහිතගේ බෑනා ඇප මත මුදා හරියි

1 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

දලයි ලාමා සිය අනුප්‍රාප්තිකයා නිවේදනය කරයි – චීනයේ බලාපොරොත්තු සුං

1 August 2025
නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

නාමල් හිරකරන්න සජබ රහස් සාකච්ඡාවක් – සාක්ෂි සහිතයි (video)

1 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved