එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව 2024 ජුනි 01 වෙනිදා සවස 3.00 ට සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙහිදී රට බංකොලොත් බවට පත් කිරීම හේතුවෙන් පීඩා විඳින ජනතාවගේ දුක නිවන ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ වෙත සියළු දේශපාලන පක්ෂ, සංවිධාන සහ පොදු මහජනතාව එක් කරගැනීම සිදු කරන බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.