• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජගත් පරිසර දින සැමරුම සඳහා වෙන්කළ මුදල්, විපතට පත් ජනතාව වෙනුවෙන් යොදවනවා – රාජ්‍ය අමාත්‍ය ජානක

4 June 2024
in දේශීය, පුවත්
ජගත් පරිසර දින සැමරුම සඳහා වෙන්කළ මුදල්, විපතට පත් ජනතාව වෙනුවෙන් යොදවනවා – රාජ්‍ය අමාත්‍ය ජානක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එළඹෙන ජූනි මස 05 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදුන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ජනතාව දුෂ්කරතාවට මුහුණ දී සිටින මේ අවස්ථාවේ ඇතැමුන් විවේචනයට පමණක් සීමාවෙමින් දේශපාලන වාසි ලබාගැනීමට උත්සහ ගන්නා බව පෙන්වා දුන් ඒ මහතා මේ මොහොතේ අවශ්‍ය වන්නේ සියලු දෙනා එක්ව විපතට පත් ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීම බව ද සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” මේ වන විට ඇතිව තිබෙන අයහපත් කාලගුණය නිසා විශාල පිරිසක් අවතැන් වී සිටිනවා. රජයක් ලෙස ඔවුන්ට සහන සැළසීමට අප ආරම්භ කර තිබෙනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකම අවතැන් වූ පිරිස් සඳහා ආහාර ලබාදීමේ වැඩසටහන ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම ගංවතුර පහව යාමත් සමඟ එම ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු ඉතා ඉක්මණින් සිදු කරන ලෙස සියළුම පළාත් පාලන ආයතන වෙත දැනුම් දී තිබෙනවා. ඒ සමඟම ඩෙංගු වැනි වසංගත රෝග පැතිරයාමේ අවදානමක් ද තිබෙනවා. එවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස ද අප විසින් අදාළ නිළධාරීන් දැනුම් දී තිබෙනවා. එමෙන්ම ආපදාවට පත්ව ඇති පාලම්, බෝක්කු සහ මාර්ග පිළිසකර කරන ලෙස ද දැනුම් දී අවසන්. ආපදාවන්ගෙන් හානියට පත්වූ පවුල් සහ ප්‍රදේශවල සංවර්ධන සහ සුබසාධනය වෙනුවෙන් පළාත් සභා, පළාත් පාලන අමාත්‍යාංශය එක්ව ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. මෙම ක්‍රියාවලියේ දී මුදල් පිළිබඳව අවධානය නොකර ඊට අවශ්‍ය කටයුතු යොදන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන බව ද සඳහන් කළ යුතුයි. නමුත් මේ අවස්ථාවේ ඇතැම් පිරිස් විවේචනයට පමණක් සීමාවෙමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරනවා. නමුත් සිදුවිය යුත්තේ එය නොවෙයි. මෙම අවස්ථාවේ විවේචනයන්ට වඩා වැදගත් වන්නේ සියළු දෙනාම එක්වී අවතැන් ජනතාවට මුදා ගැනීම සඳහා කටයුතු කිරීමයි. ඒ වගේම ගංවතුර තත්ත්වයක් ඇතිවීමට පෙර එය පාලනය කර ගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් මැදිහත් වීමක් අවශ්‍ය වී තිබෙනවා. ඒ සඳහා රජයක් ලෙස, කුමන කාරණා වෙනුවෙන් අවධානය යොමු කළ යුතු ද කියා සොයා බලන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ බළධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ වගේම හෙට (04) සිට දින 10ක් තුළ පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර පත්වීම් ලබා නොමැති සේවකයන් 8400කගේ සම්මුඛ පරීක්ෂණ පවත්වා ස්ථිර පත්වීම් ලබාදීමට සැළසුම් කර තිබෙනවා. එමෙන්ම මෙම කටයුත්ත කඩා කප්පල් කිරීම සඳහා පිරිසක් කටයුතු කරමින් සිටින බව ද මේ වන විට අපට අනාවරණ වී තිබෙනවා. ඒ නිසා කවර තත්ත්වයක් යටතේ වුවද රජය සම්බන්ධයෙන් විශ්වාසයෙන් කටයුතු කරන ලෙස ද මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල තවද ජූනි මස 05 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූණා. නමුත් එම සැමරුම් උළෙල අවලංගු කර ඒ සඳහා වෙන්කර තිබූ මූල්‍ය ප්‍රතිපාදන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී තිබෙනවා. නමුත් ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් පැල දස ලක්ෂයක් දිවයින පුරා රෝපණය කිරීමේ කටයුත්ත අප විසින් සිදු කරනවා. ඒ වගේම ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙලට සමගාමීව සෑම නිවසකම එක් පැලයක් රෝපණය කරන ලෙස ද ඉල්ලා සිටිනවා ” යැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1,852
Previous Post

ආයුර්වේද, සිද්ධ සහ යුනානි වෛද්‍ය උපාධිධාරීන් 204 ක්ට සීමාවාසික පුහුණු පත්වීම් ලිපි ප්‍රධානය කෙරේ

Next Post

20/20 ලෝක කුසලාන මුල් වටයේම තරගයෙන් ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ජය ලබයි

editor ttvnews

editor ttvnews

Next Post
20/20 ලෝක කුසලාන මුල් වටයේම තරගයෙන් ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ජය ලබයි

20/20 ලෝක කුසලාන මුල් වටයේම තරගයෙන් ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ජය ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved