• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති රනිල් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව විශ්වාසයි – රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි

5 June 2024
in දේශීය, පුවත්
ජනාධිපති රනිල් රටේ ආර්ථිකය ශක්තිමත් කරන බව විශ්වාසයි – රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථික අර්බුදය අවසන් කර රට නිවැරදි මාවතක ගෙන යා හැකි නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු නැවත වරක් ජනතා සහයෝගයෙන් ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් ශක්තිමත් ආර්ථිකයක් ඇති කරන බව තමන් විශ්වාස කරන බවත් ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසයි.

අයහපත් කාලගුණය සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් හානියට පත් මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 03 ක පමණ ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ” ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය විසින් රුපියල් බිලියන 12ක පමණ ප්‍රතිපාදන යොදවා තිබෙනවා. එමඟින් ග්‍රාමීය මාර්ග සහ පාලම් ඉදිකිරීමේ වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා. අප අමාත්‍යාංශය හරහා ඉන් 65%ක පමණ වැඩකටයුතු අවසන් කර තිබෙනවා. එහි ඉතිරි කොටස ඉදිරි දිනවලදී අවසන් කර එහි ප්‍රතිලාභ ගමට ගෙන ඒමට කටයුතු කරනවා. පසුගිය වසර කිහිපය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රය පසුබෑමකට ලක්ව තිබුණා. එහිදී ග්‍රාමීය ප්‍රදේශවල රැකියා සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කම්කරුවන් ද ගැටලුවලට මුහුණ දුන්නා. නමුත් මේ වන විට රටේ ආර්ථිකය ඉතා හොඳ තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා. ආර්ථිකය ස්ථාවරත්වයකට පත්ව ජනතාවගේ ආදායම ඉහළ ගොස් තිබෙන නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය දියුණු කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ග්‍රාමීය ආර්ථිකය දියුණු වන බව අපට විශ්වාසයි. ඒ වගේම මේ වන විට තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් පවතිනවා. ඉන් ග්‍රාමීය මාර්ගවලට හානි සිදු වී තිබෙනවා. මේ අකාරයෙන් ගංවතුර හේතුවෙන් හානියට පත් මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 03 ක පමණ ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. තවද ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය අනුග්‍රහයෙන් ආරම්භ කළ ඇතැම් ව්‍යාපෘති ආර්ථික අර්බුදය හේතුවෙන් අතහැර දැමුණා. එම සංවර්ධන කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වීමෙන් පසු අධික අනතුරු සහිත මාර්ග සහ පාලම්වල වැඩකටයුතු ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වනවා. රටේ වර්තමාන තත්ත්වය ගැන ජනතාවට විශ්වාසයක් තිබෙනවා. රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම් සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුයි. එමෙන්ම ආර්ථික අර්බුදය අවසන් කර රට නිවැරදි මාවතකට ගෙන යා හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පැවසිය යුතුයි. ඒ නිසා ඔහු නැවත වරක් ජනතා සහයෝගයෙන් ජනාධිපති ලෙස තේරී පත් වුවහොත් ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කරනු ඇති බව අපට විශ්වාසයි. ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයට පත්වීමෙන් පසු සුළුතර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ද පියවර රැසක් ගනිමින් සිටිනවා. එමෙන්ම ව්‍යවස්ථාවෙන් සම්මත කර තිබෙන පළාත් සභා ක්‍රමය ශක්තිමත්ව ගොඩ නැගිය යුතු බව ජනාධිපතිවරයා පැවසුවා. ඒ අනුව එම කටයුතු ද ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් ලැබෙන බව මට විශ්වාසයි යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,662
Previous Post

වතු කම්කරුවන්ට වැටුප් වැඩි නොකරන හාම්පුතුන්ට රතු එළියක් – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

Next Post

දකුණේ ගංවතුරට යට වූ තේ ගස් මඬරොල්ල නිසා මිය යාමේ තර්ජනයක්

editor ttvnews

editor ttvnews

Next Post
දේශපාලනීකරණය තුලින් අගාධයට යන වතු කර්මාන්තයේ ඛේදවාචකය

දකුණේ ගංවතුරට යට වූ තේ ගස් මඬරොල්ල නිසා මිය යාමේ තර්ජනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved