ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජපක්ෂවරු සජිත් ප්‍රේමදාස මහතාව අපහසුතාවයට පත් කරන්න ස්වාධීන රූපවාහිනි සේවයට භාර දුන්න කොන්ත්‍රාත්තුවෙන් අපහසුතාවයට පත් වුණේ අනුර කුමාර දිසානායක මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදීය.
මේ වනවිට රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂවරු අතර ඩීල් දේශපාලනය සහ රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක තිබෙන ඩීල් දේශපාලනය අද වනවිට සනාථ වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව රනිල් වික්‍රමසිංහ , අනුර කුමාර , රාජපක්ෂ යන කඳවුරු තුනම එකතුවී කඳවුරු බඳිමන් සිටින බවත් තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.
මෙම විවාදය ස්වාධීන රූපවාහිනි සේවයේ පවත්වන්න කටයුතු සුදානම් කර තිබෙන බවට වන ලිපියේ පිටපතක් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාටත් යවා තිබෙන බවත් රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් මෙම විවාදයට සම්බන්ධ කරගැනීමේ ගැටලුවක් තිබෙන බවත් මෙම විවාදය පිළිබඳව සිදුවුණ කිසිම සාකච්ඡාවක දෙපාර්ශ්වයම යොමු කළ ලිපි හුවමාරු වලදී රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් සම්බන්ධ වුණේ නැති බවත් ස්වාධීන රූපවාහිනි සේවයේ තිබෙන දේශපාලන සාකච්ඡා පවත්වන්නේ රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයාව දැනුම්වත් කරලාද කියන ප්රශ්නය මතුවන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සහ අනුර කුමාර දිසානායකගේ ඩීල් එක මෙයින් හොඳට පැහැදිලි වන බවත් තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ‘‘පළමුව ආර්ථික කමිටුව අතර විවාදයත් දෙවනුව නායකයින් දෙපළ අතර විවාදයත් යන කාරණය ජාතික ජනබලවේගය විසින් බැහැර කර ඇතිබවත් ජුනි 6 වැනිදා ස්වාධීන රූපවාහිනි සේවයේ සංවිධානය කර තිබෙන විවාදයට සහභාගි වීමට නොහැකි බවත් විවාදය සඳහා ඉදිරිපත් කළ කිසිදු ඉල්ලුමක් කොන්දේසියක් ඉටු වී නැති බවත් විවාදය සඳහා ස්වාධීන මැදිහත්කරුවෙකු සම්බන්ධ වෙලා නෑ. ඒ නිසා සමගි ජනබලවේගය විවාදයට සම්බන්ධ වෙන්නේ නෑ කියලා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ස්වාධීන රූපවාහිනි සේවයට ලිපියක් යොමු කරනවා. අනුර කුමාර දිසානායකට යම් කීර්ති නාමයක් තිබුණානම් ස්වාධීන රූපවාහිනි සේවයේ පැවැති විවාදයෙන් පසුව ඒ කීර්ති නාමය විනාශ වෙලා ගියා. රනිල් වික්‍රමසිංහගේ ආයතනයක ගිහින් රාජපක්ෂලාගේ ගෝලයොත් එක්ක ගත්ත වින්දනය හිරිකිතයි. ඒ බව රටේ ජනතාවට තේරුම් ගිහින් තිබෙනවා. පළමුව ආර්ථික කමිටුවත් දෙවනුව නායකයින් අතර , දෙපාර්ශ්වය සාකච්ඡා කර තෝරාගන්නා මාධ්‍ය නාලිකාවක සහ විවාදය සඳහා ස්වාධීන මැදිහත් පාර්ශ්වයක් මේ කොන්දේසි තුනම උල්ලංඝනය වෙලා තිබෙනවා. නැවත ආර්ථික කමිටු හෝ නායකයින් දෙපළ අතර විවාදයක් පැවැත්වුවොත් ඒ සඳහා සහභාගි වෙන්න සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුදානම්. නමුත් මේ කොන්දේසි මත තමයි සහභාගි වෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂවරු සජිත් ප්‍රේමදාස මහත්තයාව අපහසුතාවයට පත් කරන්න හිතාගෙන ස්වාධීන රූපවාහිනි සේවයට භාර දුන්න කොන්ත්‍රාත්තුවෙන් අවසානයේ අපහසුතාවයට පත් වුනේ අනුර කුමාර දිසානායක. රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂවරු අතර දේශපාලන ඩීල් එකක් තිබුණ බව කතා වුණා දැන් ඒ කතාව සනාථ වෙලා තිබෙනවා. අනුර කුමාර සහ රාජපක්ෂවරු අතර ඩීල් එකක් තිබෙනවා කියලා 2005 ජනාධිපතිවරණයේ දී තහවුරු වුණා. මොවුන් අතර විවිධ අවස්ථාවල දේශපාලන ඩීල් ක්‍රියාත්මක වුණා. අද වනවිට සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව රනිල් වික්‍රමසිංහ , අනුර කුමාර , රාජපක්ෂ යන කඳවුරු 3 නම එකතුවෙලා කඳවුරු බඳිමන් පවතිනවා. ‘‘ යැයි මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා වැඩිදුරටත් කියා සිටියේය.