බිත්තරයක සිල්ලර මිල යළිත් ඉහළ යමින් තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල බිත්තරයක සිල්ලර මිල රු. 55 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ඇතැම් ප්‍රදේශවල බිත්තර හිඟයක්ද පවතී.
තක්කාලි කිලෝවක සිල්ලර මිල රුපියල් 800 ක් දක්වාත් බෝංචි කිලෝවක මිල රු.1000 දක්වාත් ලීක්ස් හා කැරට් කිලෝවක සිල්ලර මිල රු. 600 ක් දක්වාත් අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රු. 500 ක් දක්වාත් ඉහළ ගොස් ඇත.
පොල් ගෙඩියක මිල ඇතැම් ප්‍රදේශවල රු. 140 දක්වා ඉහළ ගොස් තිබෙන අතර සාමාන්‍ය තත්ත්වයේ පොල් තෙල් බෝතලයක මිල රුපියල් 600 දක්වා ඉහළ ගොස් තිබේ.
සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රු. 230 ක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබුණත් රු. 240-රු. 250 දක්වා ඉහළ ගොස් තිබේ. පොන්නි සම්බා රු. 290 කටත්, රතු කිරි සහල් මිල රු. 300 -රු. 310 ක මිලකටත් අලෙවි කරමින් පවතී.
නාඩු සහල් රු 220ටත්, සුදු කැකුළු රු 205 රතු කැකුළු සහල් රු. 190 කටත් අලෙවි වෙමින් තිබෙන අතර විවිධ නම්වලින් සම්බා සහල් අලෙවි කරමින් පවතී. එහෙත් එම සහල් වර්ග සදහා කිසිදු පාලන මිලක් ප්‍රකාශයට පත් වී නොමැත.