දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 802 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 21 ක් සමගින් මුළු සැකකරුවන් 823 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් 250 g 323 mg
අයිස් 460 g 558 mg
ගංජා 03 kg 443 g
මාවා 93 g 045 mg
මදන මෝදක 60 g
තුල් 17 g 26 mg
ඈෂ් 9 g 443 mg
හෂිස් 5 g 500 mg
මත්පෙති 468
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 802 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 22 ක්, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 36 ක් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති සැකකරුවන් 34 ක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 08 ක් ද සිටි.
අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනා අතර විෂ මත් ද්‍රව්‍ය සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 02 ක්ද විෂ නොවන මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ විවෘත වරෙන්තුකරුවන් 15 ක් ද ඇගිලි සටහන් මගින් හදුනාගත් සැකකරුවන් 01 ක් ද බල අපරාධ සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් සැකකරුවන් 03 ක් ද සිටි.
පාතාලය මැඩලීමේ යුක්තිය මෙහෙයුම යටතේ මේ දක්වා ලේඛනගත පාතාල අපරාධකරුවන් 787 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත