TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය 60 වැඩි පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ අඟහරුවාදා සේවකයින් 60 දෙනෙකුට ආමාශය ආශ්‍රිතව රෝග ලක්ෂණ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් නගර ප්‍රාන්තයේ සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා නිලධාරීන් විමර්ශන කරන බව ද සඳහන් වෙයි.
ඉන් පනස් හතක් රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කොට ඇත.
ByteDance ද පවසා ඇත්තේ තම සේවකයින් අසනීප වීමට හේතුව කුමක්ද යන්න සොයා බලන බවයි.
ByteDance කාර්යාලවල කිසිදු ආහාරයක් පිළියෙළ කර හෝ පිසිනු නොලබන බවත් ආහාර සැපයීම සඳහා තෙවන පාර්ශ්වයකගේ සහාය ලබා ගන්නා බවද එම සමාගම පෙන්වාදෙයි.
සිංගප්පූරුවේ පිහිටි එම ආයතන පරිශ්‍රයට ගිලන්රථ 17ක් යවා රෝගාතුර වූවන්ට ප්‍රතිකාර කිරීමට පියවර ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
“අපි මේ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින අතර මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටිමු.”
සිංගප්පූරු ආහාර ඒජන්සිය (SFA) නගර-ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් එම සමාගම පවසා සිටියේය.