ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම ඊයේ (06)අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බලා පිටත් විය .
ඒ, අයර්ලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායම සහ ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින පන්දුවාර 20 ක්රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහායි.
Women’s Hundred තරඟාවලිය සඳහා නායිකා චමරි අතපත්තු සහභාගී වීම හේතුවෙන් මෙම තරඟ සංචාරයට ඇය එක්වන්නේ නැහැ.
චමරි අතපත්තු වෙනුවට කණ්ඩායමට කෞෂිනි කැඳවා ඇති අතර මෙම තරඟාවලියේ දී කාන්තා ක්රිකට් නායිකාව ලෙස අනුෂ්කා සංජීවනී පත්කර තිබෙනවා