ජනාධිපතිවරයාට සහාය දක්වන කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමක් අතරතුර නොසන්සුන් තත්ත්වයක් හටගත් බව වාර්තා වේ.
අගමැතිවරයාගේ පාර්ලිමේන්තු නිල කාමරයේ දී ඊයේ මෙම රැස්වීම පැවත්වී ඇත.
ඒ සඳහා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකද සහභාගී වී තිබිණි.
ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය දේශපලඥනයන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටි බව වාර්තා වේ.
මෙහිදී පොදුජන පෙරමුණෙන් වෙන්වී ජනාධිපතිවරයාට සහාය පළ කළ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ කඩුවෙල ආසනය තමාට ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
එම ඉල්ලීමත් සමග කෝපයට පත් සුසිල් ප්‍රේම්ජයන්ත ඇමැතිවරයා “මම තමයි ජ්‍යෙෂ්ඨ, මගෙ ආසනේ කොහොමද තමුන්ට දෙන්නෙ” යැයි බැණ වැදී ඇති බව වාර්තා වේ