ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා විදේශීය නිරීක්ෂකයින්ට මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබාදි තිබේ.
යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින් ඒ සඳහා අවසරය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කරයි .
එම සංගම් විසින් කළ ඉල්ලිමකට අනුව මෙලෙස අවසරය ලබාදි ඇත.
ඒ අනුව යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඉදිරි දිනවල දි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.