ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී ගෑස් සිලින්ඩරය සලකුණ තෝරාගත්තේ ඇයිද යන්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය.සිලින්ඩරය ගැන රනිල් කියයි!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා පැවැත්වූ “AskRanil” වැඩසටහනේදී ය.
ප්රශ්නය – ජනාධිපතිවරණයේ දී ගෑස් සිලින්ඩරය තෝරාගත්තේ ඇයි ?
“මම ස්වාධීන වෙන්න තීරණය කළා. අද අර්බුදයක් තියෙනවා පක්ෂ භේදයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා. ඒ නිසා ස්වාධීනව එන්න තීරණය කළා. එතකොට ඕනෑම ලකුණක් හොයා ගන්න පුළුවන්. ඒ අවස්ථාවේ හොඳම එක ගෑස් සිලින්ඩරය”