මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නිවසේ රෑදී සිටියදී පොලිස් නිළධාරින් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බවත්, ඔවුන් අධිකරණ වෛද්‍ය නිළධාරි හමුවට ඉදිරිපත් කිරීමේන් පසු මත්ද්‍රව්‍ය පානය කර සිටී බවට තහවුරුව ඇති බවත් කළුතර උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.
මතුගම පොලිස් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි නියුතු පොලිස් නිළධාරින් තිදෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබුණි .
මත්කුඩු අලෙවි කරන වැලිපැන්න , කෝපියවත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක සැක කටයුතු අන්දමින් පොලිස් කොස්තාපල් වරුන් තිදෙනෙකු රැදී සිටීන බවට කළුතර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා ට ලද තොරතුරක් මත වැලිපැන්න පොලිසිය දැනුවත් කිරීමෙන් පසු රාත්‍රි ජංගම සංචාරය කරන නිළධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගත්බව වැලිපැන්න පොලිසිය පවසයි .
සැකකාර පොලිස් නිළධාරින් තිදෙනා රැදීසිට ඇත්තේ මත්කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය වෙමින් සිටියදී පලාගිය පුද්ගලයෙකු ගේ නිවසේ සිටියදී බවත්, ඔහුද ඉදිරි විමර්ශන සදහා සැකපිට අත්අඩංගුවට ගත්බවත් උසස් පොලිස් නිළධාරියෙක් කීය.
අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිළධාරින් තිදෙනා මතුගම පොලිසියේ සාමාන්‍ය රාජකාරින්වල නියුතුව සිටින බවත් ඔවුන් ශරීරවල විවිධ පච්ච කොටාගෙන සිටින පොලිස් නිළධාරීන් උචිත නොවන පරිදි හැසිවී ඇති බවත් අණාවරණය වේ.
විමර්ශනය කර අනාවරණය වූ තොරතුරු මත නීතිමය පියවර සහ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද උසස් පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය .
කළුතර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන , ජේෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර සහ සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .