රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන බෙලූගා තල්මසෙකු නෝවෙරි වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
අවුරුදු 15ක් පමණ වයසැති Hvaldimir ගේ මළසිරුර නෝර්වේ හි රීසාවිකා වෙරළාසන්න මුහුදේ පාවෙමින් තිබියදී පසුගියදා හමුවුණේ එම සත්ත්වයා සමීපව නිරීක්ෂණය කර ඇති සියලුදෙනාම කම්පාවට පත්කරමිනි.
එම සත්ත්වයා නිතර නිරීක්ෂණය වූයේ රුසියාවේ උතුරු බලඇණිය ස්ථානගත කර ඇති මර්මන්ස්ක් සහ නෝර්වේ අතර සාගර කලාපයෙන් වීම හේතුවෙන් එම මතය වඩාත් තහවුරු වුණි.
අසාමාන්‍ය ලෙස මිනිසුන් සමඟ කුළුපඟ මේ තල්මසා, නම් කර තිබුණේ Hvaldimir ලෙසින්ය.
සත්ත්වයා මියගියේ කවර හේතුවක් මත ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර තල්මසාගේ සිරුර නෝර්වේ වෙත ගෙනැවිත් ඒ සම්බන්ධ විමර්ශන ආරම්භ කර තිබේ.