19 September 2024
#දේශීය #පුවත්

සිරකරුවන් 350කට රාජ්‍ය සමාව!

සිරකරු දිනය අද(12) යෙදි තිබෙන අතර මේ අනුව සිරකරුවන් තුන්සිය පනහකට(350) රාජ්‍ය සමාව ප්‍රදානය කර තිබෙන බව බන්ධනාගාර දෙපාර්තාමනේතුව සදහන් කරයි.

දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතන මගින් අදාළ කොන්දේසි අනුව සුදුසුකම් ලත් සුළු වැරදි සදහා බන්ධනාගාර ගතවු රැදවියන් 350 පමණ ප්‍රමාණයක් අද නිදහස් කිරීමට නියමිතව ඇත.

මිට අමතරව සිරුකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් .ලබා තිබෙන බව බන්ධනාගාර දෙපාරමෛන්තුව සදහන් කරයි

මේ අනුව අද බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් (OPEN VISIT) සලසා දී තිබේ.

අද දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී තිබෙන බවද පෙන්වා දෙයි.

සියලුම ස්‍යෙඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව අමුත්තන් පෙනන්වීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබන බවද සදහන් කරයි.

 

[ada]

Leave a comment

Your email address will not be published. Required fields are marked *