23 September 2024
#ක්‍රීඩා

නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 63ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(23දා) සමත් විය.

ජයග්‍රාහී ලකුණු 275ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්ත කණ්ඩායමට සිය දෙවන ඉනිම සියල්ලන් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 211ක් පමණයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 305ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 340ක් රැස් කළේය.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම ක්‍රීඩා කළ අතර එහිදී සියලු දෙනා දැවී ලකුණු 309ක් රැස් කළේය. ඒ අනුව නවසීලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 275ක ඉලක්කයක් හිමි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *