කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත ඉහළ යාමක් ඊයේ අද වාර්තා විය.
ඒ අනුව අද ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 237.31 කින් හෙවත් සියයට 2.16 කින් ඉහළ ගිය අතර එස් ඇන්ඩ් පී ශ්රී ලංකා 20 දර්ශකය ඒකක 76.16කින්, එනම් සියයට 2.41 කින් ඉහළ ගොස් ඇත.
අද ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11334.12 ක් හා එස් ඇන්ඩ් පී ශ්රී ලංකා 20 දර්ශක අගය ඒකක 3236.79 ක් ලෙසින් සටහන් විය.
සමාගම් 170 ක කොටස් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ඉහළ ගොස් තිබීම විශේෂ සිදුවීමකි.