ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කඩිනමින් සාකච්ඡා ආරම්භ කර විස්තීරණ ණය පහසුකමට අදාළ කටයුතු ඉදිරියට කරගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අද (සැප්. 25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අදාළ ණය පාර්ශව සමග සාකච්ජා කරන බව ත් එම සාකච්ඡා කඩිනමින් නිම කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ත් ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
ඔහු සඳහන් කළේ, සෑම කෙෂ්ත්රයකට ම ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට පෙර ආර්ථිකය ස්ථාවර මට්ටමක් දක්වා ඔසවා තැබීම අවශ්‍ය බව රජය දැඩිව විශ්වාස කරන බව ය.
ඒ වෙනුවෙන් දිගුකාලීන හා මාධ්‍ය කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට පෙර අනුගමනය කළ යුතු කඩිනම් ආර්ථික ක්‍රියාමාර්ග ඔස්සේ කෙටි කාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.