කොළඹ නගරය ජලයෙන් යට වීම ගැන හැමදාම වැස්සක දි කතා කරනවා. නමුත් මෙම ප්රශ්නය විසඳෙන්නෙ නැහැ. කොළඹ නාගරිකයන් මුහුණ දෙන ලොකු ගැටලුවක් මේක. ඔබ කොළඹ නාගරික සංවර්ධනය ගැන වැඩිපුර කතා කරන කෙනෙක් විදිහට මේ ප්රශ්නය දකින්නෙ කොහොමද?
ස්වභාවධර්මය විසින් සිදු කරනු ලබන දේ අපිට වලක්වන්න බැහැ. වහිනකොට වහිනවා දෙගොඩ තලා යන්න. කඳු නාය යනවා, නියඟය එනවා. වසංගත එනවා. නමුත් මේවා පාලනය කර ගැනිමේ හැකියාවක් අපිට තියෙන්න ඔ්න. මේ ආපදාවලින් සිදු විය හැකි හානි අවම කරගැනීමෙ විධිමත් වැඩපිළිවෙල තියෙන්න ඔ්න.
දේශගුණ විපර්යාස අද ලෝකයම මුහුණ දෙන විශාල ගැටලුවක් වෙලා තියෙනවා. අද වෙන කොට කාන්තාර වල සෑහෙන්න වහිනවා. ඇමසන් වගේ මහා වනාන්තර ප්‍රදේශ නියගයට අහුවෙලා. අයිස් ගැලැසියර දිය වෙන්න පටන් අරගෙන. ඇන්ටාක්ටිකාවේ ගස් හැදෙන්න අරගෙන. මේ දේවල් සිදු වන්නේ දේශගුණික විපර්යාස නිසා. මේ තත්වයන් ඉදිරියේදී මොන විදිහකට වර්ධනය වෙයිද කියන්න බැහැ. නමුත් ප්රශ්නය තියෙන්නෙ ලංකාව වගේ රටකට මේ දේශගුණික විපර්යාස වල බලපෑම දරුණු ලෙස සිදු වෙන එක. ලෝකයේ අවදානම්ම රටවල් අතර ලංකාවත් තියෙනවා. පසුගිය කාලය මේ බලපෑම් යම් මට්ටමකින් සිදු වුනා. මේ නිසා ඉදිරියේදි තත්වයන් දරුණු වෙන්න ඉඩක් තිබෙනවා. මේ නිසා අපිට පෙර සූදානම කියන එක අන් කවරදාවකටත් වඩා දැන් අතිශය වැදගත්. මේ අදහස් පල කලේ
ප්‍රදේශයේ විපතට පත් ජනතාවගේ අවශ්‍යතාවයන් සොයා බැලීමට ගිය දේශමාන්‍ය ජනක නන්ද කුමාර බොරැල්ල ආසන සංවිධායක – සමගි ජන බලවේගය.