පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් මෝල් හා අනෙකුත් සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් හා සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික නිලධාරීහු පරීක්ෂා කරති.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ හා අධ්යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් මෝල් හා අනෙකුත් සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් හා සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට 27 වන දා කටයුතු කරනු ලැබිණි.
මෙහිදී ඊයේ දිනයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මහා පරිමාණ වී තොග රැස් කරන හා සහල් නිෂ්පාදනය කරනු ලබන මින්නේරිය සී.පී.පුර ප්‍රදේශයේ පිහිටි නිපුන සහල් නිෂ්පාදන ආයතනය හා වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ පිහිටි රත්න සහල් නිෂ්පාදන ආයතනයේ මේ වන විට පවතින වී තොග සහ සහල් තොග පරීක්ෂාවට ලක් කර එම සහල් හා වී තොගවල ප්‍රමාණයන්වල දත්ත රැස් කර ගැනීම ඊයේ දිනයේදී සිදු කරනු ලැබීය.
මෙහිදී නිපුන සහල් ආයතනයේ සභාපති සිරිපාල ගම්ලත් මහතා මෙම පරීක්ෂාව සඳහා පැමිණි පාරිභෝගික නිලධාරීන් වෙත පවසා සිටියේ තම ආයතනය වෙත රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළ වෙත අඛණ්ඩව ලබා දෙන බව ත් රජයේ පාලන මිලට වඩා අඩුවෙන් රුපියල් 219ක් වැනි මිලකට තොග වෙළෙඳුන් වෙත සහල් අලෙවි කිරීමට කටයුතු කරන බව ය.
ඒ අනුව, නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක් වන රජයේ පාලන මිලට පාරිභෝගිකයන්ට සහල් අලෙවි කළ හැකි බව ය.
තමන්ට නාඩු සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 225ක මුදලක් වැය වෙන බව ත් රුපියල් 219ක් වන මෙම මිල ගණන් යටතේ සහල් අලෙවි කිරීමෙන් එක් සහල් කිලෝවකින් රුපියල් 6ක පාඩුවක් සිදුවන බව ත් එම පාඩුව දරා ගනිමින් රජයේ පාලන මිලට සහල් අලෙවි කිරීමට කටයුතු කරන බව ය.
මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි අනෙකුත් මහා පරිමාණ වී මෝල් වන වැලිකන්ද රත්න සහල් ආයතනයේ හා පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි අරලිය සහල් ආයතනවලට ද පොළොන්නරුව පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ගොස් එම ආයතනවල ගබඩා කර ඇති වී හා සහල් ප්රමාණයන්හි සංචිත පිළිබඳ තොරතුරු සංඛ්‍යා ලේඛන ලබා ගැනීමට 27 වන දා කටයුතු කරනු ලැබීය.